දේශීය

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් කොරියාවේ දී ජාත්‍යන්තර සම්මාන හතරක්

2026 ජූනි 4 සිට 7 දක්වා දකුණු කොරියාවේ සෝල් නුවර COEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති 41 වැනි Seoul International Travel Fair (SITF 2026) ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය ජාත්‍යන්තර වශයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින් ගෞරවනීය සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය.

file

මෙහි දී ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය හා ප්‍රවර්ධනය සඳහා සිදු කළ විශිෂ්ට සේවාව, නායකත්වය සහ දැක්ම අගයමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා වෙත 2026 SITF Eminent Tourism Pioneer Award සම්මානය පිරිනමන ලදී.

file

ජාත්‍යන්තර සංචාරක ක්ෂේත්‍රයේ අධ්‍යයනමය දායකත්වය සහ කර්මාන්තමය බලපෑම සැලකිල්ලට ගනිමින් SITF Tourism Award Committee විසින් වාර්ෂිකව සිදු කරන දැඩි ඇගයීම් ක්‍රියාවලියකින් අනතුරුව මෙම සම්මානය පිරිනමනු ලැබේ.

2026 වසරේ දී කොරියාවේ ප්‍රමුඛ පුද්ගලයින් තිදෙනෙකු සහ ජාත්‍යන්තර පුද්ගලයින් තිදෙනෙකු පමණක් මෙම සම්මානය සඳහා තෝරාගෙන තිබූ අතර, SITF ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකිකයෙකු මෙම ගෞරවයට පාත්‍ර වීම විශේෂත්වයකි.

එය ශ්‍රී ලංකාවට ලැබුණු සුවිශේෂී ජාත්‍යන්තර පිළිගැනීමක් ලෙස සැලකේ.

file
file

එමෙන්ම, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) විසින් SITF 2026 හි දී තවත් ජාත්‍යන්තර සම්මාන තුනක් දිනා ගන්නා ලදී.

· Best Popular Booth Award

· Best Booth Design Award

· Best Performance Award

ශ්‍රී ලංකා මණ්ඩපය වෙත පැමිණි දහස් සංඛ්‍යාත නරඹන්නන්ට සත්‍ය ශ්‍රී ලාංකික සංස්කෘතික අත්දැකීම්, අන්තර්ක්‍රියාකාරී ප්‍රදර්ශන සහ ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය හඳුන්වා දීම වෙනුවෙන් Best Popular Booth Award සම්මානය හිමිවිය.

file
file

එමෙන්ම, ඇඹැක්කේ දැව කැටයම් සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ආශ්‍රිත නිර්මාණාත්මක සංකල්පයක් මත සැකසූ මණ්ඩප සැලසුම වෙනුවෙන් Best Booth Design Award සම්මානය හිමි විය.

ප්‍රදර්ශනය පුරා ඉදිරිපත් කළ සාම්ප්‍රදායික නර්තන හා වාද්‍ය සංදර්ශන සඳහා Best Performance Award සම්මානය ද හිමි විය.

file

මෙම සම්මාන 2026 ජූනි 7 වන දින පැවති SITF 2026 අවසන් උත්සවයේ දී පිරිනමන ලදී.

රටවල් 40කට ආසන්න සංඛ්‍යාවක සංචාරක ආයතන හා ගමනාන්ත සමඟ තරඟ කරමින් ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණ අත්කර ගැනීම, රටේ ගමනාන්ත අලෙවිකරණය, සංස්කෘතික ඉදිරිපත් කිරීම සහ නරඹන්නන් ආකර්ෂණය කිරීමේ විශිෂ්ටත්වය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වූ බවට සාක්ෂියකි.

file
file

– විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

1 day ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

1 day ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

2 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

2 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

2 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

2 days ago