දඹුල්ලේ පැවති ඉන්දියා ‘ඒ’ සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා පැමිණ සිටි අනුර තෙන්නකෝන්, තරගයෙන් අනතුරුව තරුණ ක්‍රීඩකයා හමුවී ඔහු සමඟ කෙටි කතාබහක නිරත වී තිබෙනවා.
එහිදී සූර්යවංශීගේ වේගවත් නැගී එන ක්‍රීඩා දිවිය හේතුවෙන් ඇතිවී තිබෙන මහජන අවධානය සහ බාහිර කතාබහ පිළිබඳ නොසැලකිලිමත් වී, තම ක්‍රීඩාව දියුණු කර ගැනීම කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙස හිටපු ශ්‍රී ලංකා නායකයා උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.
“ඔයාගේ ක්‍රීඩාව ගැන විතරක් හිතන්න. පිටතින් ඇහෙන දේවල් ගැන අවධානය දෙන්න එපා. අද ලකුණු අතරට එන්න බැරි වුණත් ඒක ක්‍රීඩාවේ සාමාන්‍ය දෙයක්. හැම දවසකම එකම විදිහට සාර්ථක වෙන්න බැහැ,” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇති බව සඳහන්.
මෙම හමුවේදී වෛභව් සූර්යවංශී විසින් අනුර තෙන්නකෝන්ගෙන් ආශිර්වාද ලබාගෙන ඇති අතර, තරුණ ඉන්දීය ක්‍රීඩකයා පිළිබඳව අදහස් දක්වමින් ඔහු “පරම්පරාවකට වරක් බිහිවන සුවිශේෂී දක්ෂතාවයක් ඇති ක්‍රීඩකයෙක්” ලෙසද හඳුන්වා දී තිබෙනවා.
දඹුල්ලේ පැවති තරගයේදී සූර්යවංශී ලකුණු 21ක් රැස් කළ අතර, සුපිරි පන්දුවාරය දක්වා උණුසුම් වූ තරගයෙන් ඉන්දියා ‘ඒ’ කණ්ඩායම පරාජය කරමින් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් වුණා
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…