Thursday, September 10, 2026
Homeක්‍රීඩාබාහිර දේවල් අමතක කර ක්‍රීඩාවට විතරක් අවධානය දෙන්න - ශ්‍රී ලංකා හිටපු...

බාහිර දේවල් අමතක කර ක්‍රීඩාවට විතරක් අවධානය දෙන්න – ශ්‍රී ලංකා හිටපු නායක අනුර තෙන්නකෝන්ගෙන් සූර්යවංශීට උපදෙසක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක Anura Tennekoon විසින් ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ අනාගත තරුවක් ලෙස සැලකෙන 15 හැවිරිදි Vaibhav Suryavanshi වෙත දිරිගන්වන උපදෙසක් ලබා දී තිබෙනවා.

දඹුල්ලේ පැවති ඉන්දියා ‘ඒ’ සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා පැමිණ සිටි අනුර තෙන්නකෝන්, තරගයෙන් අනතුරුව තරුණ ක්‍රීඩකයා හමුවී ඔහු සමඟ කෙටි කතාබහක නිරත වී තිබෙනවා.

අනුර තෙන්නකෝන් 1975 වසරේ පැවැති ප්‍රථම ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූවා

එහිදී සූර්යවංශීගේ වේගවත් නැගී එන ක්‍රීඩා දිවිය හේතුවෙන් ඇතිවී තිබෙන මහජන අවධානය සහ බාහිර කතාබහ පිළිබඳ නොසැලකිලිමත් වී, තම ක්‍රීඩාව දියුණු කර ගැනීම කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙස හිටපු ශ්‍රී ලංකා නායකයා උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

“ඔයාගේ ක්‍රීඩාව ගැන විතරක් හිතන්න. පිටතින් ඇහෙන දේවල් ගැන අවධානය දෙන්න එපා. අද ලකුණු අතරට එන්න බැරි වුණත් ඒක ක්‍රීඩාවේ සාමාන්‍ය දෙයක්. හැම දවසකම එකම විදිහට සාර්ථක වෙන්න බැහැ,” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මෙම හමුවේදී වෛභව් සූර්යවංශී විසින් අනුර තෙන්නකෝන්ගෙන් ආශිර්වාද ලබාගෙන ඇති අතර, තරුණ ඉන්දීය ක්‍රීඩකයා පිළිබඳව අදහස් දක්වමින් ඔහු “පරම්පරාවකට වරක් බිහිවන සුවිශේෂී දක්ෂතාවයක් ඇති ක්‍රීඩකයෙක්” ලෙසද හඳුන්වා දී තිබෙනවා.

දඹුල්ලේ පැවති තරගයේදී සූර්යවංශී ලකුණු 21ක් රැස් කළ අතර, සුපිරි පන්දුවාරය දක්වා උණුසුම් වූ තරගයෙන් ඉන්දියා ‘ඒ’ කණ්ඩායම පරාජය කරමින් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් වුණා

READ:   විරෝධතා භූමියට පහර දීම මහින්ද-නාමල් ජොනී-නිශාන්ත දේශබන්දු ඇතුළු 24කගේ විදෙස් ගමන් තහනම්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්