Tuesday, June 16, 2026
Homeදේශීයවසර 42කට පසු කලා වැව පිටවාන ප්‍රතිසංස්කරණ කටයුතු අද ඇරඹේ.

වසර 42කට පසු කලා වැව පිටවාන ප්‍රතිසංස්කරණ කටයුතු අද ඇරඹේ.

ඓතිහාසික කලා වැව ජලාශයේ පිටවාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අද(16) ඇරඹේ.

කලා වැව ජලාශයේ දොරටු රහිත වාන් මාර්ගයේ (Ungated Spillway) පවතින ජල කාන්දුවීම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා වූ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අද (16) නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය සහ ඒකාබද්ධ ජල ඵලදායීතා හා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය (IWWRMP) මූල්‍ය දායකත්වයෙන්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

වසර 42කට පසු කලා වැව ජලාශයේ සිදු කෙරෙන මෙම සුවිශේෂී ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණය සඳහා රජය රුපියල් මිලියන 75කට අධික මුදලක් ආයෝජනය කිරීමට නියමිතය.

:News.lk

READ:   සරසවි ඇදුරන් අද යළි දේශනවලට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්