file
මැනිං වෙළඳපොළ ශ්‍රී ලංකාවේ පවතින පැරණිතම සහ ප්‍රධානතම එළවළු හා පලතුරු තොග අලෙවි මධ්‍යස්ථානයයි.
වර්තමානයේ පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම අලෙවි මධ්‍යස්ථානය, වෙළෙඳ මහතුන් හට තම අලෙවි කටයුතු කරගෙන යාම සඳහා සුදුසු පාරිසරික සුවපහසුවකින් යුක්ත නොවන බව පෙනේ.
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ගෙන එනු ලබන එළවළු සහ පලතුරු විකිණීම හා මිලදී ගැනීම සඳහා විශාල වෙළෙඳ මහතුන් සංඛ්‍යාවක් සහ පාරිභෝගික ජනතාවක් දිනපතා පැමිණෙන මෙම මධ්‍යස්ථානයේ පිරිසිදුභාවය මෙන්ම ජනතාවට ඇති සුවපහසුභාවය පිළිබඳව ද ගැටලු පවතින බව හඳුනාගෙන ඇත.
ඒ අනුව පෑලියගොඩ මැනිං වෙළඳපොළ පොදු වෙළඳ සංගමය, පෑලියගොඩ නගර සභාව, පෑලියගොඩ පොලිස් ස්ථානය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව සංවිධාන කළ මැනිං වෙළඳපොළ පරිශ්‍රය පිරිසිදු කිරීමේ “Clean Manning” වැඩසටහන ඊයේ (14) පෙරවරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා, මැනිං වෙළඳපොළ පොදු වෙළඳ සංගමයේ සභාපතිවරයා, පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සාමාජිකයන් සහ වෙළෙඳ මහතුන් ඇතුළු විශාල පිරිසක් එක්විය.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…