ව්‍යාපාරික

ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව ගෝලීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “Prime Marina” ව්‍යාපෘතිය දියත් කෙරේ

ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර රාත්‍රියක් පසුගියදා නිමාවට පත් වුණා.

ඒ, Prime Group සහ මෙල්වා සමාගම එක්ව දියත් කරන ශ්‍රී ලංකාවේ අති සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන “Prime Marina” දියත් කිරීමත් සමඟයි.

ශ්‍රී ලංකාවේ නව මූල්‍ය හා ව්‍යාපාරික හදවත වන Port City, Colombo හි, මනරම් සාගර තීරයට සහ යාත්‍රාංගනයට සෘජුවම මුහුණලා ඇති භූමියේ මෙම සුවිශේෂී උත්සවය පැවැත්වුණා.

එදින රාත්‍රියේ මුළු කොළඹ අහසම ආලෝකමත් වූයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ඉදිරිපත් කෙරුණු අති දැවැන්ත 3D Animated Drone සංදර්ශනයෙන්.

කොළඹ නගරයටම ඉතා පැහැදිලිව දර්ශනය වන පරිදි ඩ්‍රෝන යානා සිය ගණනක් අහසේ විවිධ රටා මවද්දී, ඊට සමගාමීව නෙළුම් කුලුන “Prime Marina” සන්නාම වර්ණවලින් හැඩ වී තිබුණා.

එමෙන්ම මනස්කාන්ත ගිනිකෙළි සංදර්ශනයකින්ද Port City, Colombo ආලෝකමත් වුණා.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා මෙරට මෙන්ම විදේශීය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින්, ආයෝජකයින් සහ සුවිශේෂී ආරාධිත අමුත්තන් 1,500කට අධික පිරිසක් සහභාගී වී සිටියා.

ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව විකුණුම් වාර්තාවක් ද සනිටුහන් කරමින් “Prime Marina” ව්‍යාපෘතියේ නිවාස ඒකක 400කට වඩා මේ වනවිටත් විකිණී අවසන්.

ගෝලීය මට්ටමේ උසස්ම ප්‍රමිතියෙන් ඉදිවන “Prime Marina” වෙත ආයෝජනය කිරීම, දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින් සඳහා අනාගතයට තැබිය හැකි හොඳම ආයෝජනයක් වනු නොඅනුමානයි.

file

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

5 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

5 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago