ස්විස්ටන්ලන්තයේ ජිනීවා හි දී හෙට (16) ආරම්භ වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, දකුණු සහ අග්නිදිග ආසියාතික රට වලින් සමන්විත කලාපීය සමුළුවේ සභාපති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නායකත්වයෙන් යුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද (15) ජිනීවා බලා පිටත්ව යාමට නියමිතය.
79 වන ලෝක සෞඛ්‍ය සමුළුව ලබන 16 වන දින ජිනීවා නුවර දී ආරම්භ වන අතර එය ලබන 22 වන දින දක්වා පුරා දින 07 ක් පැවැත් වේ.
මෙම සමුළුවට සමගාමීව පැවැත්වෙන සැසි ගණනාවකට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා එක් වීමට නියමිත අතර මැයි 18 වන දා ප්‍රධාන සමුළුව ඇමතීමට ද නියමිතය.
මෙම සමුළුව පැවැත්වෙන කාල පරිච්ඡේදය තුළ සමුළුවට සහභාගී වන භූතානය, තායිලන්තය, බංගලිදේශය ඇතුළු රටවල් ගණනාවක සෞඛ්‍ය අමාත්‍යවරු සමග මෙන්ම නිපොන් පදනම ඇතුළු සංවිධාන ගණාවක් සමග ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එක්වේ.
අමාත්‍යවරයා සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන වෛද්‍ය එස්. ශ්‍රීධරන්, වෛද්‍ය සමිද්ධි සමරකෝන්, අධ්‍යක්ෂ සැලසුම් වෛද්‍ය ජානකී විදාන පතිරණ, අධ්‍යක්ෂ වෛද්‍ය සේවා වෛද්‍ය අයන්ති කරුණාරත්න යන අය ද සමුළුව සඳහා සහභාගී වනවා.
2025 ඔක්තෝම්බර් මස ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නි දිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුවේ දී එහි සභාපතීත්වයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පත්වුණි.
ඒ, අනුව මෙරට සෞඛ්‍ය විෂය භාර අමාත්‍යවරයා ලෙස මෙන්ම දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපීය සමුළුවේ සභාපතිවරයා ලෙස ද, වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙවර 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව නියෝජනය කරයි.
Dinamina


