මෘත ශරීරයක් සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් මුල් කරගෙන මහියංගන රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා එහි අධිකරණ වෛද්‍ය නිලධාරිනියට පහරදීමට උත්සාහ කළැයි මහිංයගන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
අධිකරණ නියෝගයක් නොමැතිව මෘත ශරීරයක පශ්චාත් මරණ පරීක්ෂණයක් කළ නොහැකි බවට අධිකරණ වෛද්‍ය නිලධාරිනිය කළ දැනුම්දීමක් මුල් කරගෙන මෙම කතාබහ සිදුව ඇතැයි කියයි.
ඒ වනවිටත් ආපදාවෙන් මියගිය පුද්ගලයන් 12 දෙනෙකුට අදාළව අධිකරණ වෛද්‍ය නිලධාරිනිය පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර ඇත.
වෛද්‍ය අධිකාරීවරයා අධිකරණ නියෝගයක් නැති මරණයකට පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස තමාට කළ දැනුම් දුන් බවත් එහිදී ඔහු තමාට බැඛ වැදී පහරදීමට තැත් කළ බව අධිකරණ වෛද්‍ය නිලධාරිනිය පොලිසියට පැමිණිලි කර ඇත.
සිදුවීම වන අවස්ථාවේ වෛද්‍ය අධිකාරීවරයා බීමත්ව සිටි බවත් ඇය කළ පැමිනිල්ලේ සඳහන්වේ.
එම ස්ථානයේ මහියංගනය පොලිස් ස්ථානාධිපතිවරයා සිටි බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…