දේශීය

‘Rebuilding Sri Lanka’ අරමුදලට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000ක් මුදල් බැර කර තිබෙනවා

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම

‘දිත්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදලට ඊයේ (02) වන විට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000කට අධික පිරිසක් මුදල් බැර කර ඇතැයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් එසේ සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සිදු කළ විශේෂ ප්‍රකාශයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

අයහපත් කාලගුණයෙන් අපේ පුරවැසියන් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ඒ පිරිසට අවශ්‍ය සහන සැලසීමට රජය මැදිහත් වෙනවා වගේම, විදෙස්ගතව සිටින ශ්‍රී ලාකිකයන්ගෙනුත් විපතට පත් පිරිසට අවශ්‍ය කරන සහාය ලබා දීමට අවස්ථාවක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් තිබුණා. ඒ වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණයෙන් මෙම ක්‍රියාවලියට මැදිහත් වී, මේ වන විට වැඩපිළිවෙළ 02ක් අනුගමනය කරමින් සිටිනවා.

එහි පළමු වැඩසටහනට අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන මූල්‍යමය සහාය වෙනුවෙන් ලංකා බැංකුවේ විශේෂ ගිණුම් අංකයක් ප්‍රකාශයට පත් කළා. මේ වන විට 19,000කට අධික විදෙස්ගත ශ්‍රමිකයන් පිරිසක් එහි මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ වගේම, දෙවන වැඩසටහන යටතේ මෙරටට භාණ්ඩ එවන පිරිසට අඩු ලියකියවිලි සංඛ්‍යාවකින් සහ කිසිදු ගාස්තුවකින් තොරව මෙරටට භාණ්ඩ එවීමේ ක්‍රියාවලිය පහසු කර තිබෙනවා. ඒ වගේම එලෙස භාණ්ඩවලට අය කරන තීරුබදු සහ ගාස්තු ඉවත් කර තිබෙනවා.

මේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් කාර්යසාධක බලකායක් ස්ථාපිත කර තිබෙනවා. එබැවින් මෙරටට එවනු ලබන භාණ්ඩ ඉතා පහසුවෙන් නිදහස් කර ගැනීමට හැකියාව ලැබී තිබෙන බව කිව යුතුයි.

කෙසේ නමුත් මෙලෙස එවන භාණ්ඩවලට මෙම පහසුකම ලැබෙන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නමට භාණ්ඩ එවීමෙන් පමණයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රේගු වෙබ් අඩවියේ දැනටමත් සඳහන් කර තිබෙනවා.

ඒ වගේම, සියලුම රටවල තානාපති කාර්යාල හරහාද මේ පිළිබඳ දැනුවත් කිරීම් කර තිබෙනවා. විදෙස්ගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන භාණ්ඩ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබීමෙන් අනතුරුව ආපදාවට පත් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා කඩිනමින් විපතට පත් වූවන් වෙත බෙදා දීමේ වැඩපිළිවෙළක් සූදානම් කර තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට බැංකු හරහා මුදල් එවීමට අපහසුතා පවතින්නේ නම් අදාළ රටේ තානාපති කාර්යාල හරහාද මෙරටට මුදල් එවීමට හැකියාව පවතිනවා. විදෙස්ගත ශ්‍රමිකයන් වශයෙන් ඔබ එවන මුදල් සහ භාණ්ඩ ලබා දෙන්නේ ඔබේ සහෝදරයාට, අසල්වැසියාට වෙන්න පුළුවන්. එම නිසා විපතට පත් වූවන්ගේ ජනජීවිතය යළි යථා තත්ත්වයට පත් කර ගැනීමට සියලුම දෙනාගේ සහාය අවශ්‍යයි.

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

2 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

2 days ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

2 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

2 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

3 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

3 days ago