ව්‍යාපාරික

තිරසාර කෘෂිකාර්මික අනාගතයක් සඳහා ගොවියාගේ හිත මිතුරා Lankem Agro විසින් පරිසර හිතකාමී පොහොර විසඳුම් ලබා දෙයි

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ විශ්වාසවන්ත සහකරු වන Lankem Agro සමාගම,
අද දින තිරසාර හා කාර්යක්ෂම ශාක පෝෂක ලබා දීමේ නවමු සංධිස්ථානයක්
සනිටුහන් කරමින්, Vovo K Power, Wonder K හා N-Shield Dual Urea යන ඉහළ
කාර්‍යක්ෂමතාවයකින් යුත් නවීන පොහොර නිෂ්පාදන තුනක් හඳුන්වාදෙන ලදී.
යූරියා වැනි කාර්යක්ෂමතාවය අඩු සාම්ප්‍රදායික පොහොර වලින් ඔබ්බට ගොස්
නවීන විද්‍යාත්මක සංකල්ප මත පදනම් වූ ඵලදායිතාවයෙන් ඉහළ, ගුණාත්මක
නිෂ්පාදන හඳුන්වා දෙමින් ශ්‍රී ලාංකීය ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ
නැංවීම හා ගොවීන් සවිබල ගැන්වීම Lankem Agro සමාගමේ ප්‍රධාන අරමුණ වේ.
Vovo K Power යනු ඉහළ පොටෑසියම් ප්‍රතිශතයක් සහිත හතරවන පරම්පරාවේ
විශේෂිත කැට පොහොරක් වන අතර, එය නයිට්‍රජන්, පොස්පරස් හා පොටෑසියම
සංයුතිය 10:05:25 අනුපාතයෙන් සකස් කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ
ප්‍රධාන පෝෂක ත්‍රිත්වයට අමතරව අංශු මාත්‍ර මූලද්‍රව්‍ය 6 ක් හා බෝග වර්ධනය
සඳහා අත්‍යවශ්‍ය වන තවත් ජෛව-ක්‍රියාකාරී සංඝටක 10ක් අඩංගු කර නිපදවා
තිබීමයි. ප්‍රධාන වශයෙන් වී, බඩඉරිඟු, එළවළු හා පලතුරු බෝග වලින් ඉහළ
ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීම සඳහා මෙය භාවිත කළ හැකි අතර පසට
කැට ආකාරයෙන් යෙදීම, ශාක පත්‍ර මතට දියර පොහොරක් ලෙස යෙදීම, බිංදු
ජල සම්පාදනය යටතේ හෝ ඩ්‍රෝන තාක්ෂණයෙන් යෙදීම සිදු කළ හැක.
යුක්රේනයෙන් ආනයනය කරන ලද Wonder K, ඉහළ පොටෑසියම් ප්‍රතිශතයක්
සහිත පත්‍ර පෝෂකයක් වන අතර බෝරෝන් 2% ක හා සල්ෆර් 15%
ප්‍රතිශතයක් අඩංගු දැනට වෙළඳපොලේ පවතින එකම ජලද්‍රාව්‍ය ස්ඵටික
පොහොර වර්ගය වේ. මෙහි ඇති විශේෂිත සංයුතිය බෝගයේ මල් හට ගැන්වීම,
උත්තේජනය කර මල් හැලීම වළක්වා ඒකාකාරී හැඩයකින් යුත් ඵල සහිත ඉහළ
අස්වැන්නක් ලබාදීම සහතික කෙරේ. අහිතකර තත්ත්වයන් වලදී හා ආතති
තත්ත්වයන්ට ශාකයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩිකරන මෙය බඩඉරිඟු ,
එළවළු මල් හා විසිතුරු බෝග වගාවන්ට පත්‍ර පෝෂකයක් ලෙස ලබාදිය හැක.
N-Shield Dual Urea යනු යුරේසේස් එන්සයිම නිශේධක හා නයිට්‍රීකරණ නිශේධක
අඩංගු ආකාර කිහිපයකින්ම නයිට්‍රජන් හානිය අවම කරන අති නවීන

ඕස්ට්‍රේලියානු නිෂ්පාදනයකි. මෙම තාක්ෂණය මඟින් ගොවීන්ට සම්ප්‍රදායික යුරියා
භාවිතය 40% ක් දක්වා අඩු කිරීමට ඉඩ සලසන අතර ශාකයට ලැබෙන පෝෂක
ප්‍රමාණය වැඩි නිසා ඉහළ අස්වැන්නක් ලබා ගත හැක. N-Shield මඟින් නයිට්‍රජන්
හානිය ක්‍රම කිහිපයකින්ම අඩු කරන නිසා භූගත ජල මූලාශ්‍ර ආරක්ෂා වීම හා
දීර්ඝකාලීන පාරිසරික තිරසාරත්වය සඳහා ලංකෙම් සමාගමේ කැපවීම විදහා
පායි.

මෙම නව නිෂ්පාදනයන් ත්‍රිත්වයම නවීන විද්‍යාත්මක සංකල්ප හා තිරසාර
කෘෂිකාර්මික භාවිතයන් සමඟ සම්බන්ධ වන නිසා “ජාතිය සමඟ වර්ධනය වීම”
(Growing with the Nation) සඳහා Lankem Agro හි කැපවීම මනාව පිළිබිඹු වේ.
Lankem Agro හි ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත ජයමාන්න මහතා මෙසේ
පැවසීය:
“Lankem Agro හි අපගේ මෙහෙවර වන්නේ විද්‍යාත්මකව පදනම් වූ තාක්ෂණයන්
යොදා ගනිමින් තිරසාර ලෙස කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා දායක
වීමයි. එමඟින් නවීන කෘෂිකර්මාන්තය සඳහා සෑම ශ්‍රී ලාංකික ගොවියෙකුටම
ප්‍රවේශ විය හැකි පරිදි මාර්ගය සකස් කිරීම අපගේ ඉලක්කයයි. මෙම නව
නිෂ්පාදන සමඟින්, අපි ඔවුනට ඉහළ අස්වැන්නක්, ශක්තිමත් ආර්ථිකයක් හා
ජව සම්පන්න ලෝකයක් තැනීමට මෙවලම් ලබා දෙන්නෙමු.”
බෝග ආරක්ෂණ හා ශාක පෝෂක ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස Lankem Agro
නවෝත්පාදන, හවුල්කාරීත්වය හා විශ්වාසය තුළින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ
ඵලදායිතාව ඉහළ නැංවීමට කැප වී සිටියි. අනාගත පරම්පරාවන් සඳහා තිරසාර
වර්ධනයක් ලබාදීමේ අරමුණෙන් මඟ පෙන්වනු ලබන මෙම සමාගම, ගොවීන්
සවිබල ගැන්වීමේ හා ආහාර සුරක්ෂිතතාව අරමුණු කරගනිමින් අර්ථවත්, ඵලදායී
විසඳුම් අඛණ්ඩව ඉදිරිපත් කරමින් සිටියි.

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

1 day ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

2 days ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

2 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

2 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

2 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

2 days ago