දේශීය

අල්ලස් ගන්න ගිය කුච්චවේලි ප්‍රාදේශිය සභාවේ සභාපති ඒ.පී.මුබාරක් අත්අඩංගුවට

ඉඩමකට බලපත්‍රයක් සකස් කිරීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ඉල්ලා ලබා ගත්තැයි කියන කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති සහ ඔහුගේ පෞද්ගලික රියැදුරු අල්ලස් කොමිසම විසින් අද අත්අඩංගුවට ගත්තා.

ඒ අල්ලස් කොමිසමට ලද පැමිනිල්ලකට අනුවයි. ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුයේ කුච්චවේලි ඉක්බාල් නගර් ප්‍රදේශයේදීයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ‍කටයුතු කරන අයිනිය පිල්ලේ මුබාරක් සහ ඔහුගේ පෞද්ගලික රියැදුරයි.

සැකකාර ප්‍රාදේශීය සභාපතිවරයා පැමිණිලිකාරියගේ ඉඩමක පර්චස් 20ක් සඳහා බලපත්‍රයක් ලබාදීමට රුපියල් එක්ලක්ෂ හැට දහසක මුදලක් මුලින් ලබාගෙන ඒ සඳහා බලපත්‍රය ලබාදී ඇති බවයි අල්ලස් කොමිසම පවසන්නේ.

පසුව එම ඉඩමේ ඉතිරි කොටස සඳහා බලපත්‍රය ලබාදීමට රුපියල් ලක්ෂ පහක මුදල ඉල්ලා ලබාගනිද්දි අද මෙලෙස අත්අඩංගුවට පත්වූ තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා අද සවස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද අල්ලස් කොමිසම පවසනවා

කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අයිනිය පිල්ලේ මුබාරක් නමැති අය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ඉලංගෙයි තල්මි අරසු කච්චි යන පක්ෂ දෙක එකමුතුව ප්‍රාදේශීය සභාවේ බලය ලබාගෙන තිබුණි

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

2 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

2 days ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

3 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

3 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

3 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

3 days ago