දේශීය

ආණ්ඩුවේ ඩබල් කැබ් 1775 ටෙන්ඩරේ අවුලක්ලු රටට ඇත්ත කියන්න – හිටපු කෝප් සභාපති රජයට කියයි.

Ex-COPE Chair asks govt. to reveal beneficiaries of double-cab deal

අතිශය මතභේදාත්මක ක්‍රියාවලියක් හරහා ඩීසල් ක්‍රියාකාරී ද්විත්වකාර්ය නව ඩබල් කැබ් රථ 1775ක් මිලදී ගැනීමට වන සූදානම පිළිබඳව රජය වහාම මහජනතාවට පැහැදිලි කිරීමක් සිදු කලයුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පොදු ව්‍යාපාර කමිටුවේ (COPE) හිටපු සභාපති චරිත හේරත් මහතා ද අයිලන්ඩ් පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා සිටී.

මෙම මතභේදාත්මක ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රතිලාභීන් කවුරුන්ද යන්න සහ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ලංසුකරුවන් සඳහා ලබා දී තිබු කාලය දින 12 කට (ඔක්තෝබර් 23 සිට නොවැම්බර් 03 දක්වා) සීමා කළේ මන්දැයි රජය වහාම හෙළි කළ යුතු බව චරිත හේරත් මහතා අවදාරණය කර සිටි. වාහන මිලදී ගැනීම් සඳහා මෙතරම් විශාල ටෙන්ඩරයක් ඉදිරිපත් කළ අවස්ථාවක් මීට පෙර කිසිදා නොතිබූ බවත් මෙම ක්‍රියාවලියම සැක සහිත කරුණු උපදවන බවත් හෙතෙම සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ඇපදීමේ පැකේජයේ කොටසක් ලෙස, දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සඳහා රට මත එල්ල කරවන දැඩි පීඩනය හමුවේ මෙම ගනුදෙනුව දෙස ඇස් පියාගෙන සිටිය නොහැකි බව ද අයිලන්ඩ් පුවත්පතේ විමසීම්වලට පිළිතුරු දෙමින් හේරත් මහතා සඳහන් කර සිටී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානියා වන අතර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ද මහින්ද සිරිවර්ධන මහතාගෙන් පසු එම ධුරයෙන් පත්වීම් ලැබීමට පෙර පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගය නියෝජනය කරනු ලැබුවෙකි.

මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් පාලන ආයතන ප්‍රධානීන් ද මෙම කැබ් රථවල ප්‍රතිලාභීන් අතර සිටීදැයි හිටපු සභාපති චරිත හේරත් මහතා මෙහිදී විමසා සිටී.යම් ඉලක්ක ගත ලංසුකරුවෙකුට පහසුකම් සැලසෙන ආකාරයෙන් ටෙන්ඩරය සකස් කිරීමේ හැකියාව මෙම අත්තනෝමතික ක්‍රියාවලිය දෙස බැලීමේදී බැහැර කළ නොහැකි බව පවසන හිටපු කෝප් සභාපතිවරයා, පසුගිය දශක කිහිපය තුළ සිදුවෙමින් පැවති අල්ලස් හා දුෂණ වංචා නැවත සිදු කිරීමට NPP හට නොහැකි බව අවධාරණය කර තිබේ. මෙම වසරේ ජනවාරි මාසයේදී කොළඹ වරායෙන් බහාලුම් 323 ක් නීති විරෝධී ලෙස මුදා හැරීම සම්බන්ධයෙන් පවතින මතභේදය තරම්ම මෙම ගැටළුව ද ඉදිරියේ දී රජයට අනිසි ප්‍රථිපල ගෙන දෙනු ඇති බවට ඔහු රජයට අනතුරු අඟවා සිටී.

බදු ගෙවියයුත්තන් වෙනුවෙන් අතිවිශාල වියදමක් දරා මෙතරම් වාහන ප්‍රමාණයක් ආනයනය කිරීමට රජය තීරණය කළේ ඇයි සහ පසුගිය රජයන් යටතේ භාවිතා කළ වාහන කඩිමුඩියේ වෙන්දේසි කළේ ඇයිද යන්නත් රජය පැහැදිලි කළ යුතු බව හිටපු ප්‍රතිපත්ති සම්පාදකයෙකු ලෙස චරිත හේරත් මහතා මෙහිදී විමසා සිටී. පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පිරිස් මෙම ගැටලුව දැඩි ලෙස මතු කර ද්විත්ව කැබ් ටෙන්ඩරය පිළිබඳව රජය නැවත සිතා බැලීමේ මාර්ගයට ප්‍රවේශ කරවා ගැනීම සඳහා වග බලා ගත යුතු බව ද ඔහු මෙහිදී වැඩි දුරටත් අවධාරණ කර ඇත.

  • ද අයිලන්ඩ් පුවත්පත ඇසුරිණි –

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

2 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

2 days ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

3 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

3 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

3 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

3 days ago