දේශීය

ශ්‍රී ලංකාවේ EV පුනරුදය කොයිබටද ?ගනුදෙනුකරුවන් වෙනුවෙන් ජෝන් කීල්ස් පෙරට එයි.

අතිශය වේගයෙන් ලොව පුරා ව්‍යාප්ත වූ BYD මෝටර් රථ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම ඇරඹීමත් සමඟ මෙරට මෝටර් රථ ක්ෂේත්‍ර උඩි යටිකුරු වන්නට විය. ඊට හේතුව වුයේ වසර ගණනාවක් අලුත්ම මෝටර් රථයක් මිලදී ගැනීමේ අශාවෙන් මෝටර් රථ ආනයන සීමා ලිහිල් කරන තෙක් බලා සිටි පාරිභෝගිකයින් බහුතරයක් සම්ප්‍රධායික අභ්‍යන්තර දහන ඉන්ධන මෝටර් රථ වෙනුවට විද්‍යුත් EV මෝටර් රථ මිලදී ගැනීමට පෙළඹීමත් සමගය. මුල්‍ය වාසිය, නව්‍ය තාක්ෂනය,සුව පහසුව, ආරක්ෂාව, පාවිච්චි කරන ලද වාහනයක මිලට වඩා අඩු මිලකට ලබා ගැනීමේ හැකියාව, පාරිසරික සජිවනය ආදී කරුණු රාශියක් හේතුවෙන් BYD ඉල්ලුම අතිශය තරඟකාරී ලෙස ඉහළ ගිය අතර මෙතෙක් ශ්‍රී ලංකාවේ පැරණි වාහන අලෙවියට අභියෝග කරමින් සිය වෙළඳපොල කොටස සීග්‍රයෙන් වර්ධනය කර ගැනීමට BYD මෝටර් රථ මෙරටට ආනයනය කරනු ලබන JKCG සමාගම සමත් විය.

මෙම තරඟකාරී වෙළඳපොල ක්‍රියාකාරිත්වය හමුවේ විවිධ බලපෑම් සමඟින් ශ්‍රී ලංකා රේගුව සම්ප්‍රධායික වාහන නිෂ්පාදන සමාගමේ දත්ත මත පදනම්ව වාහන රේගුවෙන් නිදහස් කිරීමේ ක්‍රමවේදයට බාහිරව BYD මෝටර් රථ වරායේ රඳවා ගැනීමේ ගැටළුකාරී තත්වය නිසා BYD වාහන පෙර ඇණවුම් කර අත්තිකාරම් ගෙවා බලා සිටි පාරිභෝගිකයින්ට සිය මෝටර් රථය  JKCG කාල සටහනට අනුව ලබා ගැනීමේ අවස්ථාව ගිලිහී ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ ඉහළම විශ්වාසය දිනූ සන්නාම නාම ඇති ව්‍යාපාර රැසක හිමිකරු වන ජෝන් කීල්ස් සමූහය කීල්ස් සුපිරි වෙළෙඳසල්, සිනමන් හෝටල්, සිනමන් එයාර්, එලිෆන්ට් හවුස්, යුනියන් ඇෂුවරන්ස්, නේෂන්ස් ට්‍රස්ට්, ඇතුළු නමදිනූ ව්‍යාපාර රැසක් පවත්වා ගෙන යන කීර්තිමත්ම සමාගමයි.

මේ සියලු දුෂ්කරතා මධ්‍යයේ වුවද, සමාගම ගනුදෙනුකරුවන්ට මුල් තැන ලබා දෙමින් මින් ඉහතදී පාරිභෝගිකයින් වෙනුවෙන්   නිකුත් කළ ප්‍රකාශයක් මත පදනම්ව සිය ගනුදෙනුකරුවන්ගේ  විශ්වාසය සහ බැඳීම තව දුරටත් තහවුරු කරමින් John Keells CG Auto (JKCG) සමාගම සිය පාරිභෝගික ජනතාවට මෙතක් මෝටර් රථ ඉතිහාසයේ සමාගමක් ලබා දුන් සුවිශේෂී සහන ද පිරිනමන ලදී.

විකල්ප මගින් ඔවුන්ගේ වාහන සිහිනය වඩාත් ශක්තිමත් කිරීමට සමාගමක් ලෙස කටයුතු කරනු දැකීම ව්‍යාපාර ක්ෂේත්‍රයේ සිය ගනුදෙනුකරුවන් කෙරෙහි ආයතනය දක්වන ධනාත්මක ආකල්පමය ආදර්ශයක් ලෙස දැකිය හැකිය. රේගුවේ සැකය මත පමණක් පදනම්ව  උසාවි යාම හේතුවෙන් පැන නැගුණු මෙම තත්වය නඩුවාර කැඳවීම සිදුවූ පසු  විස‍ෙඳනු ඇති බවත් සමාගමේ විශ්වාස වී ඇත. නමුත් මෝටර් රථ නිෂ්පාදකයාගේ

සහතික කරණය මත මෙරටට ගෙන්වනු ලබන අනෙකුත් මෝටර් රථ නිදහස් කිරීම හා BYD මෝටර් රථ පමණක් රේගුවේ රඳවා තබා ගැනීමේ පිළිවෙත රාජ්‍ය ආයතන කෙරෙහි ජනතාව සහ ව්‍යාපාරිකයින්, කර්මාන්තකරුවන් හා ආයෝජකයින් තබන විශ්වාසය කෙරෙහි ප්‍රශ්නාර්ථයක් මතු කරන බව මේ පිළිබඳ කෙරුණු විද්වත් සාකච්ඡා නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි.  කෙසේ වෙතත් මෙවැනි තාක්ෂණික පර්යේෂණ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳව සමාජයේ කතිකාවක් ගොඩ නැගී ඇති අතර EV පරිවර්තනයේ ඉතාමත් මුල් අවදියේ සිටින රටකට මෙම නව්‍ය තාක්ෂණය පිළිබඳ නිගමන වලට පැමිණීම සඳහා ප්‍රමිතිගත ජාත්‍යන්තර පිළිගත් ආයතන වල සහය නිල වශයෙන් ලබා ගත යුතු බව ද විද්වත් මතය වී ඇත.

කෙසේ වෙතත් නව්‍ය ලෝකයේ තාක්ෂණික දියුණුව හා සංවර්ධනය සමඟ ශ්‍රී ලංකාව වැනි රටක් සමගාමිව පරිවර්ථනය වීමට දක්වන කැමැත්ත හා ජනතා අභිලාශය මෙවැනි තත්වයන් හමුවේ ආපසු හැරවීමට හෝ මන්දගාමී නොකර සිටීම සඳහා රාජ්‍ය කඩිනම් මැදිහත්වීම වඩාත් වටිනා බව පෙනී යයි.

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

2 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

3 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

3 days ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

4 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

4 days ago