file
රජයේ ඩිජිටල් රාජ්‍යකරණ ප්‍රතිපත්තිය හා අනුගත වෙමින් මේ වන විට රජයේ ආයතන බොහොමයක් තොරුතුරු තාක්ෂණය භාවිතා කරමින් රාජකාරී කටයුතු සිදු කරනු ලබයි. ඒ අනුව රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස ‘GovPay’ ගෙවීම් පහසුකම මෙවසරේ හඳුන්වා දෙන ලදී.
මෙම වසරේ සිට ‘ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදුකෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය කිරීම උදෙසා නව රජය විසින් හඳුන්වා දෙන ලද මෙම පහසුකම පරිසර අමාත්‍යංශයේ පළමු ආයතනය ලෙස මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඊයේ(26) සිට ක්‍රියාත්මක කරනු ලබයි.
මේ වන විට රජයේ ආයතන 137 ක් GovPay හරහා සම්බන්ධ වන අතර 138 වන රාජ්‍ය ආයතනය ලෙස මධ්‍යම පරිසර අධිකාරිය අද (26) දින සිට සේවාලාභීන්ගේ ඕනෑම ගෙවීම් කටයුත්තක් GovPay හරහා සිදු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත. මෙම මාර්ගගත ගෙවීම් ක්‍රමය හේතුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සේවාලාභීන්ට කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් සේවාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමෙන් ම මධ්‍යම පරිසර අධිකාරියේ සේවාලාභීන් වෙත තම ගෙවීම්වලදී සිදුවන ප්‍රමාදයන් වළකාලමින් ඉතා කඩිනම් සේවයක් ලබා දීමට මෙමගින් හැකියාව ලැබේ. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා නව තාක්ෂණය භාවිතයෙන් සිදු කරනු ලබන මෙවැනි ක්‍රමවේද ඔස්සේ පරිසර අමාත්‍යංශය ඇතුළු අනුබද්ධිත ආයතන ඉදිරියේ දී Online පහසුකම් හරහා යුහුසුළුව වැඩකටයුතු සිදු කරනු ඇත.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…