Saturday, October 18, 2025
Homeදේශීයමධ්‍යම පරිසර අධිකාරිය 'GovPay' සමඟ එක් වෙයි

මධ්‍යම පරිසර අධිකාරිය ‘GovPay’ සමඟ එක් වෙයි

රජයේ ඩිජිටල් රාජ්‍යකරණ ප්‍රතිපත්තිය හා අනුගත වෙමින් මේ වන විට රජයේ ආයතන බොහොමයක් තොරුතුරු තාක්ෂණය භාවිතා කරමින් රාජකාරී කටයුතු සිදු කරනු ලබයි. ඒ අනුව රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස ‘GovPay’ ගෙවීම් පහසුකම මෙවසරේ හඳුන්වා දෙන ලදී.

මෙම වසරේ සිට ‘ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදුකෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය කිරීම උදෙසා නව රජය විසින් හඳුන්වා දෙන ලද මෙම පහසුකම පරිසර අමාත්‍යංශයේ පළමු ආයතනය ලෙස මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඊයේ(26) සිට ක්‍රියාත්මක කරනු ලබයි.

මේ වන විට රජයේ ආයතන 137 ක් GovPay හරහා සම්බන්ධ වන අතර 138 වන රාජ්‍ය ආයතනය ලෙස මධ්‍යම පරිසර අධිකාරිය අද (26) දින සිට සේවාලාභීන්ගේ ඕනෑම ගෙවීම් කටයුත්තක් GovPay හරහා සිදු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත. මෙම මාර්ගගත ගෙවීම් ක්‍රමය හේතුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සේවාලාභීන්ට කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් සේවාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන් ම මධ්‍යම පරිසර අධිකාරියේ සේවාලාභීන් වෙත තම ගෙවීම්වලදී සිදුවන ප්‍රමාදයන් වළකාලමින් ඉතා කඩිනම් සේවයක් ලබා දීමට මෙමගින් හැකියාව ලැබේ. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා නව තාක්ෂණය භාවිතයෙන් සිදු කරනු ලබන මෙවැනි ක්‍රමවේද ඔස්සේ පරිසර අමාත්‍යංශය ඇතුළු අනුබද්ධිත ආයතන ඉදිරියේ දී Online පහසුකම් හරහා යුහුසුළුව වැඩකටයුතු සිදු කරනු ඇත.

file
READ:   ජල හා මළාපවහන ගාස්තු සංශෝධනය කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්