Friday, June 19, 2026
Homeදේශීයසුළං බලාගාරය නිසා මන්නාරම උණුසුම් වෙයි

සුළං බලාගාරය නිසා මන්නාරම උණුසුම් වෙයි

මන්නාරමේ ඉදිකිරීමට යෝජිත සුළං බලාගාරය සඳහා අවශ්‍ය ටර්බයින සහ අනෙකුත් උපකරණ රැගෙන ඒමකදී ප්‍රදේශවාසීන් විසින් ඊට දැඩි විරෝධතාවයක් දක්වා තිබෙනවා.

ඒ අනුව මෙහිදී අදාළ උපකරණ පොලිස් කැරලි මර්දනය යොදා ගනිමින් මන්නාරම නගරය වෙත ප්‍රවාහනය කළ බවයි වාර්තා වන්නේ.

මේ අතර මන්නාරම දූපත සීමාවේ සුළං බලාගාර ඉදිකිරීම නතර කරන ලෙසට හා මන්නාරම දූපත අවට ඛනිජ වැලි කැනීම නවත්වන ලෙස ඉල්ලා මන්නාරම ජනතාව අඛණ්ඩව 55 වන දිනටත් ඊයේ මන්නාරම නගරය මධ්‍යයේ විරෝධතාවල ද නිරත වුණා.

සමාජ මාධ්‍යයේ සැරිසරන අදාළ දර්ශන පහතින්.

READ:   වෙඩි වැදුණු 25 හැවිරිදි තරුණයා මියයයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්