දේශීය

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළඳුන්ට වැඩ වරදී.

කොළඹ දිස්ත්‍රික්කය තුළ පානීය ජළ බෝතල් වැඩි මිලට විකිණීම හේතුවෙන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහරගම C.I.B. Big City පෞද්ගලික ව්‍යාපාරික ආයතනයට රුපියල් මිලියනයක දඩ මුදලක් අද දින (26) නියම කරයි.

කොළඹ දිස්ත්‍රික්කය තුළ පානීය ජළ බෝතල් වැඩි මිලට විකිණීම හේතුවෙන් විජය ගෘප් පුද්ගලික සමාගම, C.I.B. Big City, අංක 101, පමුණුව පාර, මහරගම යන ලිපිනයේ මහරගම ප්‍රදේශය තුළ පවත්වාගෙන යන පෞද්ගලික ව්‍යාපාරික ආයතනයට රුපියල් මිලියනයක දඩ මුදලක් ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ඩි. සිල්වා මහතා විසින් අද දින (26) නියම කළේය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නාරාහේන්පිට දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිළධාරින් විසින් 2025.04.29 වන දින සිදුකරන ලද වැටලීමකින් අනතුරුව අදාළ පෞද්ගලික ආයතනයට විරුද්ධව නඩු පවරන ලදී.

අංක 243/15 හා 2025.04.01 දින දරණ ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කරන ලද අංක 93 දරණ නියෝගය මගින් කිසිම නිෂ්පාදකයකු, අසුරන්නකු, වෙළෙන්දෙකු හෝ බෙදාහරින්නකු විසින් දේශීයව බෝතල් කළ පානීය ජලය මි.ලි. 500 – මි.ලි. 999 ප්‍රමාණයේ පොලිඑලිතීන් ටෙරප්තලේට් (PET) බෝතලයක උපරිම සිල්ලර මිල රු. 70.00කට වැඩියෙන් වෙළදාම් කිරිම, වෙළදාම් කිරිම සඳහා ඉදිරිපත් කිරිම හෝ වෙළදාම් කිරිම සඳහා ප්‍රදර්ශනය නොකළ යුතු බවට නියම කර තිබියදී මෙම ආයතනය විසින් Kinly සන්නාමය සහිත දේශීයව බෝතල් කළ පානීය ජලය මි.ලි. 500 ප්‍රමාණයේ පොලිඑලිතීන් ටෙරප්තලේට් (PET) බෝතලයක් ඉහත නියෝගයේ සඳහන් මිළට වඩා වැඩි මිළට එනම් රු.90.00ක මුදලකට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නාරාහේන්පිට දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිළධාරි එස්.පී. පුංචිහේවා මහතාට විකිණීම සිදුකර තිබේ.

ඒඅනුව, එම චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් මෙම ව්‍යාපාරික ආයතනයට රුපියල් මිලියනයක දඩ මුදලක් මුදලක් ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ඩි. සිල්වා මහතා විසින් අද (26) දින නියම කළේය.

මෙම වැටලීම කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමාගේ නියෝගය මත මෑතකාලයේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ පානීය ජළ බෝතල් වැඩි මිලට විකිණීම සම්බන්ධයෙන් කරන ලද වැටලීම් වලින් වැඩිම දඩ මුදලක් නියම කරන ලද වැටලීම වෙි.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

2 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 day ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago