දේශීය

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් ප්‍රවීණ රංගන ශිල්පිනි ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ කලක් රෝගාතුරව සිටි එම මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී.

මියයන විට මාලනී ෆොන්සේකා මහත්මිය 78 වන වියෙහි පසුවුණා.

1947 අප්‍රේල් මස 30 වනදා කැලණිය ප්‍රදේශයේදී උපත ලැබූ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය 1963 වසරේ දී වේදිකා නාට්‍ය හරහ රංගනයට පිවිස පසුකාලීනව මාලනී ෆොන්සේකා නමින් හෙළ සිනමාව අතික්‍රමණය කරන්නට විය.

මාලනී ෆොන්සේකා මහත්මිය සිනමාවට පිවිසියේ පුංචි බබා චිත්‍රපටය හරහා 1968 වසරේදී.

1973 වසරේදී ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලබන ඇය, නිධානය, බඹරු ඇවිත්, සිරිපාල සහ රන්මැණිකා, තුෂාරා, කස්ත්‍රරි සුවඳ, ආදී සිනමා නිර්මාණ සිය ගණනකට සිය රංගන දායකත්වය ලබා දුන්නා.

හොඳම නිළිය ඇතුළුව ජනාධිපති, සරසවි, සුමති ආදී සම්මාන රැසකින් පිදුම් ලද ඇය 2010 වසරේ සිට 2015 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙසද කටයුතු කළා.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

5 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

5 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago