Sunday, June 14, 2026
Homeදේශීයප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් ප්‍රවීණ රංගන ශිල්පිනි ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ කලක් රෝගාතුරව සිටි එම මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී.

මියයන විට මාලනී ෆොන්සේකා මහත්මිය 78 වන වියෙහි පසුවුණා.

1947 අප්‍රේල් මස 30 වනදා කැලණිය ප්‍රදේශයේදී උපත ලැබූ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය 1963 වසරේ දී වේදිකා නාට්‍ය හරහ රංගනයට පිවිස පසුකාලීනව මාලනී ෆොන්සේකා නමින් හෙළ සිනමාව අතික්‍රමණය කරන්නට විය.

මාලනී ෆොන්සේකා මහත්මිය සිනමාවට පිවිසියේ පුංචි බබා චිත්‍රපටය හරහා 1968 වසරේදී.

1973 වසරේදී ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලබන ඇය, නිධානය, බඹරු ඇවිත්, සිරිපාල සහ රන්මැණිකා, තුෂාරා, කස්ත්‍රරි සුවඳ, ආදී සිනමා නිර්මාණ සිය ගණනකට සිය රංගන දායකත්වය ලබා දුන්නා.

හොඳම නිළිය ඇතුළුව ජනාධිපති, සරසවි, සුමති ආදී සම්මාන රැසකින් පිදුම් ලද ඇය 2010 වසරේ සිට 2015 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙසද කටයුතු කළා.

READ:   ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අභාවප්‍රාප්ත විය.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්