Saturday, October 18, 2025
Homeක්‍රීඩාඅන්තර්ජාතික බොක්සිං තරඟාවලිය විනිශ්චයට ශ්‍රී ලාංකික පොලිස් නිලධාරිනියක්

අන්තර්ජාතික බොක්සිං තරඟාවලිය විනිශ්චයට ශ්‍රී ලාංකික පොලිස් නිලධාරිනියක්

ආසියානු රටවල් 20 ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් ජෝර්දාන් අම්මාන් නගරයේ පැවැත්වෙන Asian Boxing U15 and U17 Asin Boxing Championship තරඟාවලිය විනිශ්චය කිරීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික ඔලිම්පික් විනිසුරුවරියක වන කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙල්කා ශිරෝමාලා නිලධාරිනිය සහභාගි වේ.

පොලිස් ක්‍රීඩා කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කරන නෙල්කා ශිරෝමාලා නිලධාරිනිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරඟාවලියක් විනිශ්චය කළ ප්‍රථම ශ්‍රී ලාංකීය කාන්තාව වන අතර 2024 පැරිස් ඔලිම්පික් තරඟාවලියේ ලොව දක්ෂතම ඔලිම්පික් විනිසුරු දෙවන ස්ථානයට හිමි සම්මානය ද ලබාගත් විනිසුරුවරියක් ද වේ.

ආසියානු බොක්සිං සංගමය සංවිධානය කරන Asian Boxing U15 and U17 Asin Boxing Championship තරඟාවලිය 2025.04.17 වන දින සිට 2025.04. 30 දක්වා ජෝර්දාන් අම්මාන් නගරයේදීපැවැත්වේ.

READ:   ක්‍රීඩා ඇමතිගේ අතුරු කමිටුවට ජනපති හරස් වෙයි?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්