Tuesday, December 16, 2025
Homeක්‍රීඩාශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තීරණාත්මක අවසන් තරගය අද

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තීරණාත්මක අවසන් තරගය අද

ශ්‍රී ලංකාව සහ සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර අවසන් සහ තීරණාත්මක දෙවන එක්දින තරගය අද (14) පැවැත්වෙනවා.

ඒ අනුව තරගය අද පෙරවරු 10ට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ලකුණු 49කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

දෙරට අතර පැවති අවසන් එක්දින තරගාවලිය 2022 වසරේදි 3ට 2ක් ලෙස ජය ගෙන ඇත්තේ ද ශ්‍රී ලංකාවයි.

කෙසේවෙතත් මේ දක්වා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින ජාත්‍යන්තර තරග 104ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව ඉන් තරග 36ක් ජයගද්දී ඕස්ට්‍රේලියාව තරග 64ක් ජයගෙන තිබෙනවා.

ඉන් තරග 4ක් අවසන් වී ඇත්තේ තීරණයකින් තොරවයි.

READ:   ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් මහ තරඟයට සුදුසුකම් ලබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්