දේශීය

බෙහෙත් මිල පාලනය කිරීමට බැරි හේතුව වාරණ නියෝගයක් – සෞඛ්‍ය නි:ඇමති

මෙරට ඖෂධ මිල පාලනය කිරීමට ඇති නොහැකියාවට හේතුව අධිකරණය විසින් ඖෂධ නියාමන කමිටුවට ලබා දී ඇති වාරණ නියෝගයක් බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.

ඔහු මේ කරුණ අනාවරණ කළේ, ද ලයිෆ් ට්‍රැවලර් අප යූ ටියුබ් නාළිකාව සමඟ ඉකුත්දා පැවති කෙටි සම්මුඛ සාකච්ඡාවකදී අප නැගු ප්‍රශ්නයකට කළ ප්‍රතිචාර දැක්වීමකදී.අප එහිදී විමසා සිටියේ ජනතාවට දැනෙන ඖෂධ මිල පහත හෙළීමක් කරා යාමට රජය තවත් කල් ගන්නේ මන්ද යන්නයි.

ජනතාවගේ බලාපොරොත්තුව එය බව අප එහිදී අමාත්‍යවරයා වෙත පෙන්වා දුන්නා.

ඊට පිළිතුරු දැක්වීමට ප්‍රථම අප පෙන්වා දුන් කරුණ නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිගත් අතර පසුව ඔහු ඊට හේතුව අනාවරණ කළා.

ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින් එලෙස අධිකරණය වෙත ගොස් ඇත්තේ ඖෂධ සමාගම්.

අදාළ මිල පාලන කමිටුවේ ක්‍රියාකාරීත්වය නැවතී ඇත්තේ එම අවස්ථාවේ එම පෙත්සම සළකා බලා අධිකරණය දුන් වාරණ නියෝගයක් අනුවයි.

කෙසේවෙතත් මීට වසර එක හමාරකට පමණ ඉහතදී මතු වූ මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා යම් ක්‍රියාවලියක් දැනට දියත් වෙමින් පවතිනවා.

ඒ අනුව මීට දෙමසකට පමණ පෙර ගත් තීරණයක ප්‍රතිඵල අනුව යළි යම් මිල පාලනයක් ඇති කිරීමේ ක්‍රමවේදයක් සැකසී අවසන්.

එබැවින් ඖෂධ සමාගම්වල තර්කය තවදුරටත් වලංගු නොවන බව අමාත්‍යවරයා පැවසුවා.

අලුතින් ඇතිවූ තත්ත්වය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර ඒ අනුව අදාළ තහනම ඉවත් කරගැනීමට මෝසමක් ගොනු කිරීමට රජය බලාපොරොත්තු වෙනවා.

ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණහොත් එය විශාල ජයග්‍රහණයක් වන බව නි.සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශ්වාසයයි.

මෙහිදී අප විමසා සිටි තවත් කරුණක් වූයේ ඖෂධ සමාගම් සිය සන්නාමය හා නිෂ්පාදන ප්‍රවර්ධනයට විශාල මුදලක් වියදම් කිරීම පිළිබඳවයි.

එනම් එම ප්‍රචාරණ වියදම් පාරිභෝගික පසුම්බියටම යළිත් වක්‍රාකාරව දැනෙන්නට දීම සාධාරණද යුක්ති සහගතද යන ප්‍රශ්නයයි.

ඊට ප්‍රතිචාර දක්වමින් නි.ඇමතිවරයා, එම සමාගම්වලට ඉදිරියේදී මිල සීමාකිරීම් පැනවීමට අවස්ථාව උදාවනු ඇති බව පෙන්වා දුන්නා.

ඔහු පෙන්වා දුන්නේ එම සීමා කිරීම් හමුවේ තවදුරටත් ප්‍රචාරණ කටයුතුවලට යොමු වීමට තරම් අධික ලාභයක් ඔවුන්ට ඉතිරි නොවනු ඇති බවයි.

එම සම්පූර්ණ සාකච්ඡාව පහතන්.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

3 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago