දේශීය

මහපොළ දීමනාව ප්‍රමාදයකින් තොරව සිසුන් අතට පත් කිරීමට පියවර..

මහපොළ ශිෂ්‍යාධාරලාභීන් වෙත එම දීමනාව ප්‍රමාදයකින් තොරව ලබා දීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙහිදී 2025 වසර සඳහා, පළමු වසර විද්‍යාර්ථීන්ට සිදු වී ඇති මහපොළ දීමනාව ලැබීමේ ප්‍රමාදය අවම කර ගැනීමට ගත හැකි කෙටිකාලින පියවර සහ අනෙකුත් වසරවල විද්‍යාර්ථීන්ට මහපොළ දීමනාව ප්‍රමාදයකින් තොරව ලබා දීමට ගත හැකි පියවර කෙරෙහි අවධානය යොමු විය. එමෙන් ම දිගු කාලින වැඩපිළිවෙළක් ලෙස මහපොළ ශිෂ්‍යධාරලාභීන් වෙනුවෙන් ඇති පරිගණකගත දත්ත පද්ධතිය නවීකරණය කිරීම සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.

මෙම සාකච්ඡාව සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න ඇතුළු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ මහපොළ භාරකාරත්ව අරමුදලේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

:රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

2 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

3 days ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

3 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

3 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

4 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

4 days ago