file
ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (22) අභාවප්‍රාප්ත වු බව වාර්තා වුණා.
මිය යන විට අනිල් භාරතී මහතා 75 වන වියෙහි පසුවුණා.
මෙරට සංගීත ගීත කෙත පෝෂණය කළ අනිල් භාරතී මහතාගේ මධුර හඬින් ගයනා කළ ගීත අතර බොහොමයක් ගීත නත්තල් ගීත වීම විශේෂත්වයක්.
ඒ අතර බෙත් ලෙහෙම් පුරේ – දිළිඳු ගව ලෙනේ ගීතය එදා මෙදා තුර වඩාත් ජනප්‍රියත්වයට පත්වු නත්තල් ගීතයක් වුණා.
අදවෙයි ඉරුදින,රෝසී මගෙ රෝසී, ටිකිරිමලී, සීතල සඳ එළියේ, ආවා සොයිස් සොයා, හිරු උපදන විට, ඉසුරුමුණි සීතල සඳ එළියේ.. වැනි එතුමා ගායනා කළ ගීත රාශියක් රසික හදවත් ඇද බැඳ ගන්නට වුණා.
මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි සිසුවෙකු වෙන අනිල් භාරතී මහතා 1970 දශකයේ මුල් භාගයේදී Golden Chimes සංගීත කණ්ඩායමේ ඉංග්‍රීසි ගායකයා ලෙස සිය සංගීත දිවිය ආරම්භ කළා.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…