Monday, April 27, 2026
Homeදේශීයප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (22) අභාවප්‍රාප්ත වු බව වාර්තා වුණා.

මිය යන විට අනිල් භාරතී මහතා 75 වන වියෙහි පසුවුණා.

මෙරට සංගීත ගීත කෙත පෝෂණය කළ අනිල් භාරතී මහතාගේ මධුර හඬින් ගයනා කළ ගීත අතර බොහොමයක් ගීත නත්තල් ගීත වීම විශේෂත්වයක්.

ඒ අතර බෙත් ලෙහෙම් පුරේ – දිළිඳු ගව ලෙනේ ගීතය එදා මෙදා තුර වඩාත් ජනප්‍රියත්වයට පත්වු නත්තල් ගීතයක් වුණා.

අදවෙයි ඉරුදින,රෝසී මගෙ රෝසී, ටිකිරිමලී, සීතල සඳ එළියේ, ආවා සොයිස් සොයා, හිරු උපදන විට, ඉසුරුමුණි සීතල සඳ එළියේ.. වැනි එතුමා ගායනා කළ ගීත රාශියක් රසික හදවත් ඇද බැඳ ගන්නට වුණා.

මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි සිසුවෙකු වෙන අනිල් භාරතී මහතා 1970 දශකයේ මුල් භාගයේදී Golden Chimes සංගීත කණ්ඩායමේ ඉංග්‍රීසි ගායකයා ලෙස සිය සංගීත දිවිය ආරම්භ කළා.

READ:   නීති විරෝධී තවත් වියලි කහ කිලෝ 1372 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්