Monday, September 14, 2026
Homeදේශීයරූපවාහිනි සංස්ථාවේ නව සභාපති ලෙස ගිහාන්ද සිල්වා වැඩ භාරගනී

රූපවාහිනි සංස්ථාවේ නව සභාපති ලෙස ගිහාන්ද සිල්වා වැඩ භාරගනී

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ගිහාන්ද සිල්වා මහතා අද වැඩ භාර ගත්තේය. ඒ් මහතා ශ්‍රී ලංකාවේ බහු සන්නාම ආයතනික මෙහයුම් පිළිබඳ වසර 25කට වැඩි පළපුරුද්දක් ඇති දක්ෂ ව්‍යාපාරික වෘත්තිකයෙකි.

ඔහු අලෙවිකරණය, උපාය මාර්ගික සැලසුම්කරණය සහ කළමනාකාරීත්වය යන ක්ෂේත්‍රයන්හි හැකියාවන් පෙන්වා ඇති අතර, ඒ් තුළින් බලපෑම්කාරී සන්නාම බිහි කිරීම පිළිබඳ ප්‍රසිද්ධියක් අත්පත් කර ගෙන ඇත.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ් මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හිමිකරගෙන ඇත.

file
file

:රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

READ:   පොලිස් වෙඩි පහරින් තවත් පුද්ගලයෙකු මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්