දේශීය

ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය කුමක්ද වහා හෙළි කරන්න! – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පාන්තික අරගලයක් වී ඇති තත්ත්වයෙන් මුදවා ගැනීමට වත්මන් රජයට ඇති ප්‍රතිපත්ති මොනවාද යන්න කඩිනමින් පැහැදිලි කිරීමක් අවැසි බව මහාචාර්ය අර්ජුන පරාක්‍රම අවධාරණය කරයි.

file

අධ්‍යාපන සංවර්ධන සන්ධානය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකට පසුගියදා (30) සහභාගි වූ මහාචාර්යවරයා එහිදී ප්‍රකාශ කළේ තමන් විසින් මීට පෙරද විරෝධය පළ කළ පසුගිය ආණ්ඩුවේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය විසින් අධ්‍යාපනය අයිතියක් නොව අලෙවි කළ යුත්තක් බවට තහවුරු කරනු ලැබ ඇති බවත් මහ මැතිවරණයට සහභාගි වන සියලු පක්ෂද සිය අධ්‍යාපන ප්‍රතිපත්තිය වහා හෙළි කළ යුතු බවත්ය.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසල් 390කින් 383ක් ව්‍යාපාර හැටියට ලියාපදිංචි කරනු ලැබූ ඒවා වේ. අධ්‍යාපනය යනු ව්‍යාපාර නොව රජයක් විසින් අයිතියක් හැටියට තහවුරු කරනු ලැබ යුත්තකි. එය මූල්‍ය සවිමත්භාවය නොසලකා රජය ලබා දිය යුතු සේවාවක් බවද මහාචාර්යවරයා එහිදී අදහස් පළ කළේය.

“පසුගිය ආණ්ඩුව යටතේ එළි දැක්වූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය අපි පිළිගන්නේ නෑ. ඒ සඳහා එම ආණ්ඩුව යටතේ කැබිනට් අනුමැතිය ලැබී තිබුණත් එහි විනිවිදභාවයක් නෑ. ඒ සඳහා පත් කළ කමිටුවේ 25කින් 08 දෙනෙක් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යාපාරික පිරිසක්. අනෙක් අය ඒ පිළිබඳව නිසි මැදිහත්වීමක් කරන්නේ නෑ. ඒ පිළිබඳව පසුගිය ආණ්ඩුවෙන් තොරතුරු ගැනීමට තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ විමසන්නට අපට සිදු වුණා. ආණ්ඩුව තොරතුරු හෙළි කළේ නෑ. පෙර පාසලට තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය ඇතුළත් කිරීම ගැන පැහැදිලිකිරීමක් නෑ. මේ කමිටුව විනිවිදභාවයෙන් තොරයි. රජය පත් කළ කමිටුව පසුගිය ඔක්තෝබර් ඉදිරිපත් කළ වාර්තාවට කැබිනට් අනුමැතිය ලැබුණා. ශිෂ්ඨම වචනයෙන් කිව්වොත් මෙය විකාර වාර්තාවක්. මෙයට වාර්තාව කීමත් නිග්‍රහයක්. පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව ආංශික අධීක්ෂණ කමිටුවටත් යොමු වුණා. එහි ඝණ පූර්ණය 03යි. ඒ පිළිබඳව දුන් මැයි මාසයේ නිර්දේශ අතුරුදහන්. නමුත්, ආණ්ඩුවේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා.” මහාචාර්යවරයා පැවසීය.
අධ්‍යාපන සංවර්ධන සන්ධානයේ සභාපති චන්දන බණ්ඩාර, එම සන්ධානයේ සාමජික ශාන්ත කුලතුංග, අද්‍යාපන කරුණු පිළිබඳව සමාජ ක්‍රියාකාරිනියක හා ආචාරිනී ප්‍රභාෂිණී ශ්‍රියාරත්න, අධ්‍යාපන උපදේශකවරයකු වන කමල් හේරත් යනාදීන් සහභාගි වූ මාධ්‍ය හමුවේදී මහාචාර්ය අර්ජුන පරාක්‍රම වැඩිදුරටත් සිය අදහස් පළ කළේ මෙසේය.
“මෙය වෙළඳ ආයතනවලට සහාය වෙන ප්‍රතිපත්තියක්. මෙය නව ලිබරල් ආකෘතිය අන්තයටම ගෙන යන්නක්. නිදහස් අධ්‍යාපනය නැති කරන්නක්. ජාතික අධ්‍යාපන කොමිසමේ මීට කලින් නිර්දේශ හිටපු ජනාධිපතිවරයා කුණු කූඩෙටම දමා තිබෙනවා. අධ්‍යාපනය අයිතියක් ලෙස පැවතිය යුතුයි. මේ ප්‍රතිපත්තියෙන් රාජ්‍යය අධ්‍යාපනයට ඇති මුදල දැඩිව අඩු කරනවා. එහිදී අවවරප්‍රසාදිත පාසල් වසා දමනවා. රටේ අර්බුද තත්ත්වය ඇති කර ධනේශ්වරයට ඕන හැටියට මෙයින් කටයුතු කරනවා. අපට දැනගන්නට ඕනේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාවලිය මෙය ඉදිරියට ගෙනයෑමද කියන එක. මහ මැතිවරණයේ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්තිය මොකක්ද කියන එක. කලින් ආණ්ඩුවේ මේ ප්‍රතිපත්තියට පිරිවෙන් අධ්‍යාපනය නොමැති වීමෙන්ම පැහැදිලියි මෙය ව්‍යාපාරිකයින්ගේ මුදල් හම්බ කිරීමේ ක්‍රියාවලියක්. මොකද අලෙවි කළ නොහැකි නිසා මෙයට පිරිවෙන් අධ්‍යාපනය ඇතුළත් කර නෑ. අපි දුෂ්කර පළාත්, පාසල් ගැන කොතරම් කතා කළත් ලංකාවේ පළවෙනි සහ අන්තිම පාසල් දෙකම අයිති වෙන්නේ එකම අධ්‍යාපන කලාපයට. කොළඹ අධ්‍යාපන කලාපයට. දැන් පාසල්වල කෑම දීම නතර වෙලා. මොකද ව්‍යාපාරිකයින් ඒ කටයුතු අත ඇරලා.”
“අපි මේ දේවල් කතා කිරීමට රදල ක්‍රමයට ආණ්ඩුවේ අය මුණගැහෙන්න ඕන නෑ. අපි මාධ්‍ය ඔස්සේ අපේ පර්යේෂණ ඔස්සේ කරන දැනුවත් කිරීම් පිළිබඳව ආණ්ඩුව කරන මැදිහත්වීම විමසන්නට අපි ආණ්ඩුවේ නියෝජිතයින් හමු විය යුතු නෑ. ආණ්ඩුව මේ පිළිබඳව හෙළි කළ යුතුයි.” මහාචාර්යවරයා යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 day ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

1 day ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago