දේශීය

ජනපති අනුර කෘෂි නිලධාරීන්ට දෙහි කපයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර තිබෙනවා.

ඒ, පසුගිය 16 වැනිදා පැවති කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීයි.

ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ඉලක්කය විය යුත්තේ ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම මිස වෙනත් පාර්ශවයන්ගේ දියුණුව නොවන බව පවසමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී අමාත්‍යාංශ ප්‍රධානීන්ට දොස් පවරා තිබෙනවා.

දුප්පත්කම කියන්නේ සල්ලි නැති එක විතරක් නෙවෙයි. මිනිසුන් කොට්ඨාසයක් සමාජය තුළ කොන්වීම සහ බරපතල සමාජ ව්‍යසනයක් දුප්පත්කම කියන්නේ. අපේ රටේ කවුද මේක තුරන් කරන්න වැඩ කළේ. ඔයාලා මොනවද ඒ වෙනුවෙන් කරලා තියෙන්නේ..මෙච්චර කල් ඔයාලා හරියට වැඩ කරලා තිබුණා නම්, මේ වෙනකොට රටේ කිසිම මිනිහෙක් දුප්පත් වෙන්න විදිහක් නෑ.  දැන් බලන්න, මේ රටේ දුප්පත් මිනිස්සු කොච්චර නම් තවම ඉන්නවාද, වේලක් කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවාද..රටේ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න වැඩ කරන්න ඕනා නිලධාරීන් ඔයාලා නේද…මොනවද ඔයාලා මෙච්චර කල් කරලා තියෙන්නේ…මෙතනින් ඉස්සරහට මේක ආයේ වෙන්න බෑ. ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ඉලක්කය වෙන්න ඕනා ගම්වල ඉන්න ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම. යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී කෘෂිකර්ම නිලධාරීන්ට අවධාරණයෙන් පවසා ඇතැයි වාර්තා වනවා.

සෙසු අමාත්‍යාංශවල කාර්යභාරය සම්බන්ධයෙන් ද මෙහිදී ජනාධිපතිවරයා කණස්සල්ල පළ කර ඇති බවත්, මින් ඉදිරියට සියලු සංවර්ධන සැලසුම් දියත් විය යුත්තේ ග්‍රාමීය සංවර්ධනය ඉලක්ක කරගෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

හොඳක් අහන්න ලැබුණු එකම ව්‍යාපෘතිය වූයේ එල්ලංගා පදනම් කර ගනිමින් ක්‍රියාත්මක කළ වැව්ගම් පුබුදුව නම් ව්‍යාපෘතියකට පමණි.

එම වැඩසටහනේ ප්‍රගතිය මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වූ බව වාර්තා වනවා.

ඒ යටතේ දැනට කර ඇති ව්‍යාපෘති සියල්ල පිළිබඳ කෙටි හැඳින්වීමක් එහි පැමිණ සිටි එම ව්‍යාපෘතියේ නිලධාරීන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා විමසා ඇත්තේ, එම ව්‍යාපෘතිය ආදර්ශයට ගනිමින් සෙසු නිලධාරීන්ට ක්‍රියාත්මක විය නොහැක්කේ මන්දැයි යන්නයි.

රටේම කෘෂිකර්මාන්තය සංවර්ධනය කරන්න, නම් ව්‍යාපෘති එකක් දෙකක් විතරක් සාර්ථක වෙලා බැහැ. මේවාගෙන් අපේක්ෂිත ප්‍රතිඵල ගන්න නම්, මේවා ජාතික මට්ටමට අරගෙන යන්න අමාත්‍යාංශයට විධිමත් වැඩපිළිවෙළක් තියෙන්න ඕනා.යනුවෙන්ද මෙහිදී ජනාධිපතිවරයා කෘෂි අමාත්‍යාංශ නිලධාරීන්ට පවසා තිබෙනවා.

සමස්ත අමාත්‍යාංශවල සිටින සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කුඩා කුඩා කණ්ඩායම් වශයෙන් සකස් කරගත් වැඩපිළිවෙළක් දියත් කිරීම තුළින් රටේ දරිද්‍රතාව තුරන් කළ හැකි බව ද මෙහිදී සාකච්ඡාවලට ලක් වි තිබෙනවා.

කුඩා ව්‍යාපෘතියේ සිට මහා පරිමාණ ව්‍යාපෘතිය දක්වා සියලු වැඩ අමාත්‍යාංශ මට්ටමින් සම්බන්ධීකරණය කරමින් පූර්ණ අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී ඉදිරිපත් වූ යෝජනාවට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙන අතර, ඒවා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් දුන් බවත් සඳහන්.

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

4 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

4 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

6 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

7 days ago