දේශීය

ජනපති අනුර කෘෂි නිලධාරීන්ට දෙහි කපයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර තිබෙනවා.

ඒ, පසුගිය 16 වැනිදා පැවති කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීයි.

ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ඉලක්කය විය යුත්තේ ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම මිස වෙනත් පාර්ශවයන්ගේ දියුණුව නොවන බව පවසමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී අමාත්‍යාංශ ප්‍රධානීන්ට දොස් පවරා තිබෙනවා.

“දුප්පත්කම කියන්නේ සල්ලි නැති එක විතරක් නෙවෙයි. මිනිසුන් කොට්ඨාසයක් සමාජය තුළ කොන්වීම සහ බරපතල සමාජ ව්‍යසනයක් දුප්පත්කම කියන්නේ. අපේ රටේ කවුද මේක තුරන් කරන්න වැඩ කළේ. ඔයාලා මොනවද ඒ වෙනුවෙන් කරලා තියෙන්නේ..මෙච්චර කල් ඔයාලා හරියට වැඩ කරලා තිබුණා නම්, මේ වෙනකොට රටේ කිසිම මිනිහෙක් දුප්පත් වෙන්න විදිහක් නෑ.  දැන් බලන්න, මේ රටේ දුප්පත් මිනිස්සු කොච්චර නම් තවම ඉන්නවාද, වේලක් කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවාද..රටේ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න වැඩ කරන්න ඕනා නිලධාරීන් ඔයාලා නේද…මොනවද ඔයාලා මෙච්චර කල් කරලා තියෙන්නේ…මෙතනින් ඉස්සරහට මේක ආයේ වෙන්න බෑ. ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ඉලක්කය වෙන්න ඕනා ගම්වල ඉන්න ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම.” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී කෘෂිකර්ම නිලධාරීන්ට අවධාරණයෙන් පවසා ඇතැයි වාර්තා වනවා.

සෙසු අමාත්‍යාංශවල කාර්යභාරය සම්බන්ධයෙන් ද මෙහිදී ජනාධිපතිවරයා කණස්සල්ල පළ කර ඇති බවත්, මින් ඉදිරියට සියලු සංවර්ධන සැලසුම් දියත් විය යුත්තේ ග්‍රාමීය සංවර්ධනය ඉලක්ක කරගෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

හොඳක් අහන්න ලැබුණු එකම ව්‍යාපෘතිය වූයේ එල්ලංගා පදනම් කර ගනිමින් ක්‍රියාත්මක කළ වැව්ගම් පුබුදුව නම් ව්‍යාපෘතියකට පමණි.

එම වැඩසටහනේ ප්‍රගතිය මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වූ බව වාර්තා වනවා.

ඒ යටතේ දැනට කර ඇති ව්‍යාපෘති සියල්ල පිළිබඳ කෙටි හැඳින්වීමක් එහි පැමිණ සිටි එම ව්‍යාපෘතියේ නිලධාරීන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා විමසා ඇත්තේ, එම ව්‍යාපෘතිය ආදර්ශයට ගනිමින් සෙසු නිලධාරීන්ට ක්‍රියාත්මක විය නොහැක්කේ මන්දැයි යන්නයි.

“රටේම කෘෂිකර්මාන්තය සංවර්ධනය කරන්න, නම් ව්‍යාපෘති එකක් දෙකක් විතරක් සාර්ථක වෙලා බැහැ. මේවාගෙන් අපේක්ෂිත ප්‍රතිඵල ගන්න නම්, මේවා ජාතික මට්ටමට අරගෙන යන්න අමාත්‍යාංශයට විධිමත් වැඩපිළිවෙළක් තියෙන්න ඕනා.”යනුවෙන්ද මෙහිදී ජනාධිපතිවරයා කෘෂි අමාත්‍යාංශ නිලධාරීන්ට පවසා තිබෙනවා.

සමස්ත අමාත්‍යාංශවල සිටින සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කුඩා කුඩා කණ්ඩායම් වශයෙන් සකස් කරගත් වැඩපිළිවෙළක් දියත් කිරීම තුළින් රටේ දරිද්‍රතාව තුරන් කළ හැකි බව ද මෙහිදී සාකච්ඡාවලට ලක් වි තිබෙනවා.

කුඩා ව්‍යාපෘතියේ සිට මහා පරිමාණ ව්‍යාපෘතිය දක්වා සියලු වැඩ අමාත්‍යාංශ මට්ටමින් සම්බන්ධීකරණය කරමින් පූර්ණ අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී ඉදිරිපත් වූ යෝජනාවට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙන අතර, ඒවා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් දුන් බවත් සඳහන්.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

2 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

2 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

5 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

6 days ago