Friday, October 30, 2026
Homeදේශීයවහිනකොට වාහනේට වතුර ගලනවා, පුස්කකා තිබ්බ එකක්.මම සැප වින්ඳේ නැහැ!- Porsche සැප වාහනය...

වහිනකොට වාහනේට වතුර ගලනවා, පුස්කකා තිබ්බ එකක්.මම සැප වින්ඳේ නැහැ!- Porsche සැප වාහනය ගැන රෝසි කට අරී 

පැවති ආණ්ඩුවෙන් ලබා දුන් බව කියන සුබෝපභෝගී Porsche වර්ගයේ රථයක් ජනාධිපති උපදේශකවරියක් ලෙස කටයුතු කළ තමන් පාවිච්චි කර ඇතැයි කීම සම්බන්ධයෙන් රෝසි සේනානායක මහත්මිය අදහස් දක්වා සිටිනවා.

තමනට ලබා දුන් නිල වාහන කිහිපය තුළ තමන් එපා කියද්දී අවසානයේ ලබා දුන් Porsche වර්ගයේ වාහනය තම නිල වාහනය කැඩුණු අවස්ථාවේ ලබා දුන්, පුස්කකා තිබූ පහසුකම් අඩු රථයක් බව ඇය ප්‍රකාශ කළා.

එම රථය වහිනවිට වතුර ගලන පාර මැද කාර්මික දෝෂයන්ට ලක්වෙන රථයක් බව රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් පවසනවා.

රෝසි මහත්මියට ලාබා දුන්නා කියන මෙම සුබෝපභෝගී රථය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇතිව තිබෙනවා.

READ:   පසුගිය සැප්තැම්බර් 23 වනදායින් පසු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් සමග යම් අයෙක් සබඳතා පැවැත්වූයේ නම් ඔවුන් වහාම PCR පරීක්‍ෂාව සිදු කරගත් යුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දීමක් කරයි.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්