Wednesday, June 10, 2026
Homeදේශීයවහිනකොට වාහනේට වතුර ගලනවා, පුස්කකා තිබ්බ එකක්.මම සැප වින්ඳේ නැහැ!- Porsche සැප වාහනය...

වහිනකොට වාහනේට වතුර ගලනවා, පුස්කකා තිබ්බ එකක්.මම සැප වින්ඳේ නැහැ!- Porsche සැප වාහනය ගැන රෝසි කට අරී 

පැවති ආණ්ඩුවෙන් ලබා දුන් බව කියන සුබෝපභෝගී Porsche වර්ගයේ රථයක් ජනාධිපති උපදේශකවරියක් ලෙස කටයුතු කළ තමන් පාවිච්චි කර ඇතැයි කීම සම්බන්ධයෙන් රෝසි සේනානායක මහත්මිය අදහස් දක්වා සිටිනවා.

තමනට ලබා දුන් නිල වාහන කිහිපය තුළ තමන් එපා කියද්දී අවසානයේ ලබා දුන් Porsche වර්ගයේ වාහනය තම නිල වාහනය කැඩුණු අවස්ථාවේ ලබා දුන්, පුස්කකා තිබූ පහසුකම් අඩු රථයක් බව ඇය ප්‍රකාශ කළා.

එම රථය වහිනවිට වතුර ගලන පාර මැද කාර්මික දෝෂයන්ට ලක්වෙන රථයක් බව රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් පවසනවා.

රෝසි මහත්මියට ලාබා දුන්නා කියන මෙම සුබෝපභෝගී රථය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇතිව තිබෙනවා.

READ:   ඉන්දුනීසියාවේ භූ කම්පනයකින් මියගිය සංඛ්‍යාව 150 ඉක්මවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්