Wednesday, April 22, 2026
Homeදේශීයතැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට

මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) සිට ආරම්භ වෙනවා.

ඒ අනුව ලබන 8 වෙනිදා මධ්‍යම රාත්‍රිය දක්වා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

නොවැම්බර් මස 14 වනදා මහ මැතිවරණය පැවැත්වීමට නියමිතයි.

මෙම මැතිවරණයට භාවිත කරනු ලබන්නේ 2024 වර්ෂයේ සහතික කරන ලද ඡන්ද හිමි නාමලේඛනයයි.

ඒ අනුව අද සිට දිවයිනේ සියලුම මැතිවරණ කොට්ඨාසවලට අදාළ 2024 ඡන්ද හිමි නාමලේඛනය තැපැල් ඡන්ද හිමියන්ගේ පහසුව සඳහා ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, සියලුම ග්‍රාම නිලධාරි කාර්යාලවල සහ තෝරාගත් තවත් ස්ථාන කිහිපයකදි.

READ:   මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ඇරඹෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්