දේශීය

21 ජයග්‍රහණයෙන් පසු සේනාධිනායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සියලුම පියවර ගන්නවා.ආරක්ෂක අංශ සීරුවෙන් තබනවා. – මනුෂ

ලබන 21 වැනිදාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයා ලෙස රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත්, ඒ සදහා ආරක්ෂක අංශ සීරුවෙන් තබන බවත් මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

මැතිවරණ ජයග්‍රහණය හමුවේ කුමන්ත්‍රණ කිරීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද ගාල්ල, නෙළුවේදී අද උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා මෙසේද කීවේය.

21 වැනිදාට මේ ර්ටේ මිනිස්සු දුක් විදපු යුගයට යන්න බැරි නිසා, නැවත දුක් විදින්න අවශ්‍ය නැති නිසා නැවත වතාවක් රට අදුරට, අරගලකාරී තත්වයකට අරගෙන යන්න අවශ්‍ය නැති නිස, අවුරුදු දෙකහමාරකට කලින් ජනතාව විදපු දුක මතක තියෙන නිසා 21 වැනිදාට බුද්ධිමත් තීන්දුව ගන්න බලාගෙන ඉන්නවා.

අවුරුදු දෙකහමාරකට කලින් මේ රටේ ජනතාව, දරුවෝ දුක් විදිද්දී, විදුලිය, තෙල්, ගෑස් නැතිව පෝලිම්වල මැරෙද්දී මේ දේවල් ටික දෙන්න කියලා ඉල්ලුවා. මිනිස්සු ඉල්ලපු අවම පහසුකම් වත් ලබාදෙන්න කිසිම නායකයෙක් ඉදිරිපත් වුනේ නෑ. එහෙම ඉදිරිපත් නොවුනේ ඔවුන්ට ඒ දේවල් කරන්න පුලුවන්කමක් නොතිබුණ නිසා.

හැබැයි ඒ වෙලාවේ මිනිස්සුන්ගේ දුක තේරුනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට විතරයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ අවදානම ගනිද්දී බය නැතිව තීන්දු ගත්තා. ඒ වෙලාවේ අපි ගත්තේ දේශපාලනික වශයෙන් භයානක තීන්දුවක් ගත්තේ. දේශපාලන සයිනයිට් කරල එල්ලගත්තා කියලා තමයි අපිට කිව්වේ. ඒත් අපි මිනිස්සු වෙනුවෙන් අපි ඒ දේ කළා. අවුරුදු දෙකහමාරක් ඇතුළත මිනිස්සුන්ට තෙල්, ගෑස් ගෙනත් දීලා රට සාමාන්‍යකරණයට ලක් කරන්න අපිට පුලුවන්කම ලැබුණා. අපේ ජනතාවට ඒක මතකයි. කෙලෙහිගුණය තියෙනවා.

එදා ගෑස් තෙල් නැතිව, බෙහෙත් නැතිව මිනිස්සු මැරෙද්දී දුක් විදපු මිනිස්සු දිහා ජනාධිපතිතුමා බැලුවා. එහෙම දුක් විදපු මිනිස්සු දිහා බලපු එක වරදක් නම්, තෙල් ටික, ගෑස් ටික, බෙහෙත් ටික දීපු එක වරදක් නම් අපිට විරුද්ධව ඡන්දය දෙන්න පුලුවන්. එහෙම නැතිව මේ රට සාමාන්‍ය තත්වයකට පත් කරන්න කටයුතු කරපු එකට කෙලෙහිගුණ සලකන ජනතාව බය නැතිව ඡන්දය ප්‍රකාශ කරනවා. මේ රටේ බහුතරයක් කෙලෙහිගුණ දන්න ජනතාවක්. අර සියයට තුනක් විතර කෙලෙහිගුණ නොදන්න අය ඉන්නවා. මේ රටේ සංවර්ධන ව්‍යාපෘතිවලට අකුල් හෙලපු, රටේ සංවර්ධනය ඒ අයගේ විනාශයක් විදියට දැකපු හැමදාම මේ රට විනාශ කළ කණ්ඩායමක් ඉන්නවා. ඒ සුරංගනා කතාවලට රැවටිලා රැල්ලට යන පිරිසකුත් ඉන්නවා. ඒ අය ගිය පාරත් ඔය විදියට රැල්ලට ගියා. ඒ අයම මේ පාරත් රැල්ලට යනවා පේනවා. ගියපාර රැල්ලට ගිහින් රටට වුන දේ මිනිස්සු දැක්කා. ඒ ිහා බලාගෙන මිනිස්සු ගන්න ඕන තීන්දුව අරගන්නවා.

ජනතාව දිනන මැතිවරණයට රජයට කුමන්ත්‍රණ කිරීමට අවශ්‍ය නෑ. අපි ආරක්ෂක අංශ සීරුවෙන් තියලා තියෙනවා. රටේ බොරු රැලි නිර්මාණය කරලා තියෙන අය ඡන්ද ලක්ෂ විස්සක් විසිපහක් ගන්න හදනකොට සමහර වෙලාවට රට ඇතුලේ කැරලි ඇතිකරන්න පුලුවන් කියලා සමාජ මාධ්‍ය වාර්තාවල තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහය කිරීමත් එක්ක රටේ සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ආරක්ෂක ඇමැතිවරයා, සේනාධිනායකයා විදියට අරගන්නවා.

කොහේ සිදුවුනත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙනවා නම් වැරදියි. මාලිමාවට ඡන්දේ දෙන්නේ නෑ කියලා කිව්වම හෙල්මට් පාරවල් ගහලා තිබුණා. මේවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.

ගීතා කුමාරසිංහ හිත හොද කාන්තාවක්. එතුමිය හිටපු ජනාධිපතිතුමාට ගොඩක් ආදරෙයි කියලානේ කියන්නේ. ඒත් ජනාධිපතිතුමා වෙනුවෙන් සියලුම එක්සත් ජාතික පාක්ෂිකයින් එකතු කරන්න එතුමිය කටයුතු කරමින් සිටිනවා.

:මනුෂ නානායක්කාර

Recent Posts

චෙන්නායි හි දී ගැටුමක් දුර දිග යාමෙන් යතුරුපැදියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකින් හප්පා ඝාතනය කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…

3 days ago

අඛණ්ඩව දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…

3 days ago

ගල්අ­ඟුරු ආන­ය­න­යට රජයෙන් දැඩි රීති මාලා­වක්

ලබන වසර සඳහා ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී බාල ප්‍රමි­ති­යෙන් යුත් නිෂ්පා­දන රට තුළට ඇතු­ළු­වීම වැළැ­ක්වීම සඳහා…

3 days ago

බැසිල්ට තාමත් බැරිලු – තනි­වම ගුවන් ගම­නක යන්න තරම් සෞඛ්‍ය යහ­පත් නෑ

ටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහතා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කර­මින් මාතර සහ…

3 days ago

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව ප්‍රථම වරට රැස්වෙයි.

"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…

6 days ago

උතුරේ දන්සල් පැවැත්වීම ගැන සමාජ මාධ්‍යයේ යන පුවත අසත්‍යයි. – උතුරු පළාත් ආණ්ඩුකාර

මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…

1 week ago