Thursday, March 5, 2026
Homeදේශීයදින 13ක් පුරා ධාවනය කෙරෙන CCC පාපැදි සවාරියේ පළමු දිනය කොළඹ සිට...

දින 13ක් පුරා ධාවනය කෙරෙන CCC පාපැදි සවාරියේ පළමු දිනය කොළඹ සිට කිතුල්ගල දක්වා

CCC ආයතනය විසින් නොමිලේ ක්‍රියාත්මක කරන 1333 දුරකථන අංකය සහ දුරකථන අර්බුද නිරාකරන සහය සේවය ගැන දැනුවත් කිරීමට දින 13 පුරාවට ධවනයේ යෙදෙන පාපැදි සවාරියේ පළමු දිනය ඊයේ (29) දිනයේ ධාවනයේ යෙදුණා.

ඒ කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් පාපැදි සවාරිය ආරම්භ කර කොළඹ සිට කිතුල්ගල දක්වා ක්‍රි.මී 85ක දුරක් ධාවනය කරමින්.

රට වටා ක්‍රිලෝ මීටර් 1333කින් යුත් මෙම පාපැදි සවාරිය සඳහා පාපැදි කරුවන් 25කට අධික සංඛ්‍යාවක් එක්ව සිටිනවා.

මෙම විශේෂ පාපැදි සවාරිය නම් කර ඇත්තේ “Ride to save lives” ලෙස යි.

සියදිවිහානි කර ගැනීම වැලැක්වීම හා ඒ සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම එහි අරමුණයි.

file
file
file
file
file
file
file

READ:   බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිමි නමක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්