Wednesday, April 22, 2026
Homeදේශීයමැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මාධ්‍ය උපමාන සමාජ මාධ්‍යයටත් අදාළයි - මැතිවරණ...

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මාධ්‍ය උපමාන සමාජ මාධ්‍යයටත් අදාළයි – මැතිවරණ කොමිෂන් සභාව

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය උපමාන සමාජ මාධ්‍ය සඳහාද අදාළ වන බවත් මැතිවරණ කාල සීමාව තුළ මෙම උපමානවලට අනුව සමාජ මාධ්‍ය කටයුතු කළ යුතු බවත් ඉදිරියේදී මාධ්‍ය ආචාර ධර්ම ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන බවත් මැතිවරණ නියොජ්‍ය කොමසාරිස් පියුමි ආටිගල මෙනවිය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (9)පැවති ජනාධිපතිවරණය පිළිබඳ මැතිවරණ කොමිසමේ විශේෂ කරුණු දැක්වීමට එක්වෙමින් ඇය මේ පිළිබඳව සඳහන් කළාය.

සමාජ මාධ්‍ය නියාමනය සඳහා මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායමක් යොදා ඇති අතර මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් , ස්වේච්ඡා කණ්ඩායම් ලබා දෙන තොරතුරු සමාජ මාධ්‍ය නියාමන කමිටුව වෙත යොමු කර අනතුරුව සුදුසු උපාය මාර්ග උපමාන සමග ගළපා සෘජුව සමාජ මාධ්‍ය මාධ්‍ය පරිපාලකයන් සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

සෑම විටම මැතිවණ කොමිසන් සභාව නිකුත් කරන ලද විධානයන්ට සහ උපමානවලට අනුව කටයුතු සමාජ මාධ්‍යයන්ද කටයුතු කළ යුතු බව පෙන්වා දෙන කොමසාරිස්වරිය ඡන්ද විමසීම් කාල සීමාවේදී දුස් තොරතුරු සංසරණය සිදු වන බැවින් මේ පිළිබඳව සූක්ෂ්මව සොයා බැලීමට කණ්ඩායමක් යොදවා ඇති බවද ඒ සඳහා වගකිව යුතු ආයතතනවල සහයෝගය ලබා ගන්නා බවද ඇය සඳහන් කළාය.

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේදී වෙනත් පක්ෂයකට හෝ අපක්ෂකයකුට හානි සිදු කරන අයුරින් කටයුතු කරන බවට හෝ වැරදි තොරතුරු විකෘති තොරතුරු භාවත කරන බවට නිරීක්ෂණය වන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාව මේ සම්බන්ධව සෘජුව මැදිහත් වීමක් සිදු කෙරෙන බවද ඇය පෙන්වා දුන්නාය.

මේ වන විට තරුණ පිරිස් tik-tok සහ Instagram වැඩිවශයෙන් භාවිත කරන බැවින් පළමු වරට ඡන්දය භාවිත කරන තරුණ ප්‍රජාවගේ ඡන්ද භාවිතාව සමාජ මාධ්‍ය සමඟ බැඳී ඇති බැවින් මේ සම්බන්ධව කොමිසම විශේෂ අවධානයක් යොමු කර ඇති බවද කොමසාරිස්වරිය සඳහන් කළාය.

එසේම මැතිවරණ කොමිෂන් සභාව නිහඬකාලයක් ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී සමාජ මාධ්‍ය නිහඬ කිරිම අසීරු බව පෙන්වා දෙන කොමසාරිස්වරිය මෙම කාලයේ සිදු කෙරන ප්‍රචාරණයෙන් අනිසි බලපෑමක් සිදුවන බව පෙන්වා දුන් අතර චක්‍ර ලේඛ සහ අණ පනත් මගින් ප්‍රචාරණ කටයුතු සීමා කිරීමට ක්‍රියා කර ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.

READ:   සරසවි වරම් ලැබූ සිසුන්ට විශේෂ නිවේදනයක්

තවද වෛරී ප්‍රකාශනයන් ,දුස් තොරතුරු සංසරණය වන්නේ නම් ඒ් පිළිබඳව කටයුතු කිරීමටද කොමිසම සූදානම් බව පෙන්වා දෙන කොමසාරිස්වරය මැතිවරණ කාල සීමාවව තුළ මාධ්‍ය උපමානවලට අනුව කටයුතු කරන ලෙසද ඉල්ලීමක් කළාය.

මෙවර මැතිවරණයේදී කෘත්‍රිම බුද්ධිය භාවිත කෙරෙනු ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය සහයෝගය සහ උපදෙස් ලබා දීමට අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කර ඇති බවද සමාජ මාධ්‍ය මගින් යම් අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් අගතියට පත් නොවන ලෙස කටයුතු කරන ලෙසද ඇය මෙහිදී ඉල්ලීමක් කළාය.

RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්