file
මැද පෙරදිග ගැටුම් වර්ධනය වුනොත් විදේශගත ශ්‍රමිකයින් ලංකාවට ගෙන්වීමට සිදු වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්,
ගැටුම් වර්ධනය වුනොත් සියලු ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමට සූදානම්.
ඒ සදහා ඩොලර් මිලියන 05 කට වැඩි මුදලක් දැනටමත් වෙන්කරලා ඉවරයි.
ඔවුන්ව ගෙන්වා ගන්න තුරු ආරක්ෂිත ස්ථාන වල තබමින් ඔවුන්ව ලංකාවට ගෙන්වා ගන්නා තුරු ඔවුනට අවශ්‍ය සියලු පහසුමක් ලබා දෙන්න සැලසුම් සුදානම් කරලා තියනවා.
මුහුදෙන් ගොඩබිමෙන් ඕනෑම ආකාරයකින් හැකි ඉක්මනින් ගෙන්වා ගැනීමට සියලු කටයුතු සූදානම් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. ඒ සඳහා ජනාධිපතිවරයා වෙනම කමිටුවක්ද පත් කර තිබෙනවා.ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධව දැනුවත් කිරීම සඳහා වෙනමම දුරකථන අංකයක්ද ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා.
අපි විදේශ ශ්‍රමිකයන්ට කියන්නේ මේ වෙලාවේ කලබල වෙන්න එපා.දේශ සීමා තරණය කරන්න ලෑස්ති වෙන්න එපා.ආරක්ෂාකාරීව වැඩ කටයුතු ටික කරගෙන ඉන්න.
ඒ වගේම මැද පෙරදිග මෙවැනි ගැටුමක් ඇතිවුණොත් අපේ රටේ තවත් අර්බුදයක් ඇතිවෙන්න පුළුවන් විදේශ ශ්‍රමිකයන් එවන මුදල්වලින් තමයි තෙල් ගෑස් ගෙන්නන්නේ.ඒක නිසා යුද්ධයක් ඇති නොවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…