file
මැද පෙරදිග ගැටුම් වර්ධනය වුනොත් විදේශගත ශ්‍රමිකයින් ලංකාවට ගෙන්වීමට සිදු වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්,
ගැටුම් වර්ධනය වුනොත් සියලු ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමට සූදානම්.
ඒ සදහා ඩොලර් මිලියන 05 කට වැඩි මුදලක් දැනටමත් වෙන්කරලා ඉවරයි.
ඔවුන්ව ගෙන්වා ගන්න තුරු ආරක්ෂිත ස්ථාන වල තබමින් ඔවුන්ව ලංකාවට ගෙන්වා ගන්නා තුරු ඔවුනට අවශ්‍ය සියලු පහසුමක් ලබා දෙන්න සැලසුම් සුදානම් කරලා තියනවා.
මුහුදෙන් ගොඩබිමෙන් ඕනෑම ආකාරයකින් හැකි ඉක්මනින් ගෙන්වා ගැනීමට සියලු කටයුතු සූදානම් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. ඒ සඳහා ජනාධිපතිවරයා වෙනම කමිටුවක්ද පත් කර තිබෙනවා.ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධව දැනුවත් කිරීම සඳහා වෙනමම දුරකථන අංකයක්ද ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා.
අපි විදේශ ශ්‍රමිකයන්ට කියන්නේ මේ වෙලාවේ කලබල වෙන්න එපා.දේශ සීමා තරණය කරන්න ලෑස්ති වෙන්න එපා.ආරක්ෂාකාරීව වැඩ කටයුතු ටික කරගෙන ඉන්න.
ඒ වගේම මැද පෙරදිග මෙවැනි ගැටුමක් ඇතිවුණොත් අපේ රටේ තවත් අර්බුදයක් ඇතිවෙන්න පුළුවන් විදේශ ශ්‍රමිකයන් එවන මුදල්වලින් තමයි තෙල් ගෑස් ගෙන්නන්නේ.ඒක නිසා යුද්ධයක් ඇති නොවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…