file
මතුගම කන්දහේන ශ්‍රී අභිමංගලාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද පුංචි ශ්‍රී පාදස්ථානය,විහාරාධිපති පූජ්‍ය කන්දෙහේනේ පඤ්ඤාවංශ නායක ස්වාමීන්වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන් සැදැහැවතුන්ගේ වන්දනාමානයට විවෘත කෙරුනා.
ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතුගම ආසන ප්‍රධාන සංවිධායක හා ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ හා සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
මෙහිදී සුමන සමන් දේව ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම මතුගම ප්‍රජා පොලිස් ඒකකයේ ජයසිංහ මහතා අතින් සිදුවිය.
පුංචි ශ්‍රීපාදස්ථානයට පැමිණෙන බැතිමතුන්ට සිරිපතුල වන්දනාමාන කර ගැනීමටත්,ස්වභාවිකව ගලින් නිර්මිත සැතපෙන බුදුන්වහන්සේ හා සමාන විශ්මිත සිදුවීම් අත්විඳීමටත්,අවස්ථාව හිමි වෙනවා.
පුංචි ශ්‍රී පාදස්ථාන පිං බිමෙහි තවත් පෞරාණික වටිනාකමින් යුත් විශේෂ දෑ දැක බලා ගැනීමටද,සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනවා.
විහාරාධිපති පූජ්‍ය කන්දෙහේන පඤ්ඤාවංශ හිමියන් පවසන්නේ, අභිනවයෙන් ඉදිකළ පුංචි ශ්‍රී පාදස්ථානය තව තවත් දියුනු කරමින්, ගම්වාසීන්ට මෙන්ම රට වැසි ජනතාවට තිලින කිරීම සිය අභිප්‍රාය බවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…