Thursday, March 5, 2026
Homeදේශීයමතුගම කන්දෙහේනේ අභිනවයෙන් ඉදි කල පුංචි ශ්‍රී පාදය බැතිමතුන්ට විවෘත කෙරේ.

මතුගම කන්දෙහේනේ අභිනවයෙන් ඉදි කල පුංචි ශ්‍රී පාදය බැතිමතුන්ට විවෘත කෙරේ.

file

මතුගම කන්දහේන ශ්‍රී අභිමංගලාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද පුංචි ශ්‍රී පාදස්ථානය,විහාරාධිපති පූජ්‍ය කන්දෙහේනේ පඤ්ඤාවංශ නායක ස්වාමීන්වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන් සැදැහැවතුන්ගේ වන්දනාමානයට විවෘත කෙරුනා.

file

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතුගම ආසන ප්‍රධාන සංවිධායක හා ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ හා සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

file

මෙහිදී සුමන සමන් දේව ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම මතුගම ප්‍රජා පොලිස් ඒකකයේ ජයසිංහ මහතා අතින් සිදුවිය.

පුංචි ශ්‍රීපාදස්ථානයට පැමිණෙන බැතිමතුන්ට සිරිපතුල වන්දනාමාන කර ගැනීමටත්,ස්වභාවිකව ගලින් නිර්මිත සැතපෙන බුදුන්වහන්සේ හා සමාන විශ්මිත සිදුවීම් අත්විඳීමටත්,අවස්ථාව හිමි වෙනවා.

පුංචි ශ්‍රී පාදස්ථාන පිං බිමෙහි තවත් පෞරාණික වටිනාකමින් යුත් විශේෂ දෑ දැක බලා ගැනීමටද,සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනවා.

විහාරාධිපති පූජ්‍ය කන්දෙහේන පඤ්ඤාවංශ හිමියන් පවසන්නේ, අභිනවයෙන් ඉදිකළ පුංචි ශ්‍රී පාදස්ථානය තව තවත් දියුනු කරමින්, ගම්වාසීන්ට මෙන්ම රට වැසි ජනතාවට තිලින කිරීම සිය අභිප්‍රාය බවයි.

file
file
READ:   ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂක අධිකාරියේ වගකීම දරුවන් ආරක්ෂා කිරීමද, අපයෝජකයින් ආරක්ෂා කිරීමද? Is NCPA responsible for protecting children or abusers? Ncpa Sri Lanka
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්