
මතුගම කන්දහේන ශ්‍රී අභිමංගලාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද පුංචි ශ්‍රී පාදස්ථානය,විහාරාධිපති පූජ්‍ය කන්දෙහේනේ පඤ්ඤාවංශ නායක ස්වාමීන්වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන් සැදැහැවතුන්ගේ වන්දනාමානයට විවෘත කෙරුනා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතුගම ආසන ප්‍රධාන සංවිධායක හා ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ හා සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

මෙහිදී සුමන සමන් දේව ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම මතුගම ප්‍රජා පොලිස් ඒකකයේ ජයසිංහ මහතා අතින් සිදුවිය.
පුංචි ශ්‍රීපාදස්ථානයට පැමිණෙන බැතිමතුන්ට සිරිපතුල වන්දනාමාන කර ගැනීමටත්,ස්වභාවිකව ගලින් නිර්මිත සැතපෙන බුදුන්වහන්සේ හා සමාන විශ්මිත සිදුවීම් අත්විඳීමටත්,අවස්ථාව හිමි වෙනවා.
පුංචි ශ්‍රී පාදස්ථාන පිං බිමෙහි තවත් පෞරාණික වටිනාකමින් යුත් විශේෂ දෑ දැක බලා ගැනීමටද,සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනවා.
විහාරාධිපති පූජ්‍ය කන්දෙහේන පඤ්ඤාවංශ හිමියන් පවසන්නේ, අභිනවයෙන් ඉදිකළ පුංචි ශ්‍රී පාදස්ථානය තව තවත් දියුනු කරමින්, ගම්වාසීන්ට මෙන්ම රට වැසි ජනතාවට තිලින කිරීම සිය අභිප්‍රාය බවයි.

