Monday, May 11, 2026
Homeවිදේශීයජෝ බයිඩ්න් ජනපති සටනින් ඉවත් වූ හේතුව

ජෝ බයිඩ්න් ජනපති සටනින් ඉවත් වූ හේතුව

එළඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

සිය නිල කාලය අවසන් වන තෙක් සිය පක්ෂයේ සහ රටේ යහපත වෙනුවෙන් කටයුතු කරන බවයි 81 හැවිරිදි ජෝ බයිඩන් පවසා ඇත්තේ.

බයිඩන් සිය ඉවත්වීම ප්‍රකාශයට පත් කළේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස උපජනාධිපතිනි කමලා හැරිස් නම් කරමින්.

ජනාධිපතිවරණය සඳහා තවත් මාස 4ක කාලයක් ඉතිරිව තිබියදී බයිඩන් මෙම තීරණය ගැනීම ට ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ඔහුට කළ බලපෑම් හේතු වී ඇතැයි වාර්තා වෙනවා.

ඩිමොක්‍රටික් පාක්ෂිකයින් අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස ජනපති ජෝ බයිඩන් ට කළ බලපෑම ඔහුගේ කලකිරීමට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

READ:   වැන්ගර් හමුදා නායකයාගේ මරණය ගැන ජනපති පුටින් ශෝකය පළ කරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්