Friday, June 19, 2026
Homeක්‍රීඩාLPL පළමු ජය කැන්ඩි කණ්ඩායමට

LPL පළමු ජය කැන්ඩි කණ්ඩායමට

2024 විස්සයි විස්ස ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අදින් ආරම්භ වුණා.

ඒ අනුව එහි පළමු තරගය දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් අතර අද උදෑසන පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

එම තරගය කඩුලු 6කින් ජය ගැනීමට කැන්ඩි කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 179ක් රැස් කළා.

දඹුල්ල වෙනුවෙන් Mark Chapman පන්දු 61 කින් නොදැවී ලකුණු 91ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි කණ්ඩායම පන්දුවාර 17.යි පන්දු 2ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 183ක් ලබා තරගය ජය ගත්තා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 65 (40) යි. දසුන් ශානක නොදැවී ලකුණු 46 යි.

file
file
READ:   ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ඉන්දියාව ලෝක කුසලානයේ දුක තුනී කළ විදිහ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්