දේශීය

හිරු රෙනෝලාට මාධ්‍යවේදී නිරෝෂ් වෙත රු කෝටියකට අධික වන්දියක් ගෙවන්න නියෝග.

හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ වසර 08 ක කාලයක් සේවය කළ මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රි මහතා එම තනතුරින් අනීතිකව ඉවත්කිරීමේ නඩුවෙන් Asia Broadcasting Corporation (pvt) Ltd ආයතනය අද (28) පරාජයට පත්වුණා.

ඒ අනුව මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රි මහතා සේවය අවසන් කිරීමේදී තිබූ චෝදනා කිසිවක් සාක්ෂි සහිතව ඔප්පු කිරීමට එම ආයතනය අසමත්වූ බව අධිකරණය නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සදහන් කළා.

එමෙන්ම ඔහුට එරෙහිව නගා තිබූ චෝදනා ආයතනයේ පාලනාධිකාරිය විසින් කිසිදු පදනමකින් තොරව හිතලුවක් ලෙසින් නගා ඇති බවත් ඒ අනුව වගඋත්තරකාර Asia Broadcasting Corporation සමාගම මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රි මහතාට සිදුවූ අසාධාරණය වෙනුවෙන් රුපියල් ලක්ෂ 135 ක මුදලක් ගෙවිය යුතු බවත් නියෝග කළා.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා සදහන් කළේ එළැඹෙන අගෝස්තු මස 02 වැනිදා දක්වා අභියාචනා කිරීමේ කාලයක් වගඋත්තරකාර පාර්ශවයට හිමිවන අතර ඒ දක්වා අදාළ වන්දි මුදල අධිකරණයේ තැන්පත් කළ යුතු බවයි.

උපුටා ගැනීම news19.lk වෙබ් අඩවියෙන්.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 hour ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 hour ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 day ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago