වේදිකා ප්‍රහසන ශිල්පිනියක ලෙස නතාෂා එදිරිසූරිය කළ ඉදිරිපත් කිරීමකින් ආගමික සහජීවනයට හානි වූවා යැයි චෝදනා කරමින් ලද පැමිණිල්ලක් මත මීට වසරකට පමණ පෙර ඇය අත්අඩංගුවට ගනු ලැබුවා.පසුව ඇගේ කතාව ප්‍රසිද්ධ කිරීමට පහසුකම් දුන්නැයි චෝදනාවෙන් SL Vlog හී බෲනෝ දිවාකරද අත්අඩංගුවට ගත්තා. ICCPR හෙවත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත වැනි බරපතළ ස්වභාවයේ පනතක් යටතේ ඇයට චෝදනා ගොනුකොට අධිකරණයෙන් දඬුවම් ලබා දීමට උත්සහයක් තිබූ මුත් එය ව්‍යර්ථ වී ගියේ ඊට අදාළ සාධක සාක්ෂි ප්‍රමාණවත් නොවන බවට අධිකරණය තීන්දු කිරීම නිසයි.අවසානයේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර විනිසුරුවරයා ඉකුත්දා නියෝග කළේ නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර නිදහස් කිරීමටයි.
ඇයගේ ප්‍රකාශයෙන් කොටසක් උපුටාගෙන අදහස වෙනස් වන ලෙස ඊට අමතර අදහස් ද එකතු කරමින් ඒ දිනවල මාධ්‍යවල පළකෙරුණා.ප්‍රධාන ධාරාවේ මාධ්‍ය දෙකක් විශේෂයෙනුත් සමාජ මාධ්‍යවලත් මෙම ක්‍රියාවලිය දිගින් දිගටම සිදු කළේ ජනමනසට වෛරය එන්නත් කරමින්.එවක සමාජයට හා රටට බලපා තිබූ සැබෑ ප්‍රධාන ප්‍රශ්න දෙකක් ජනතාවට අමතක කිරීමට එම කටයුතු දුන්නේ ප්‍රබල රුකුලක්.එමගින් ඇයට සහ එම කණ්ඩායමට අත් වූ ආපසු හැරවිය නොහැකි, නාස්ති වූ කාලයට, මානසික බලපෑමට, පවුලේ සහ රටක් සමාජය ඉදිරියේ උද්ගත වූ ගැටලුවලට එම පාර්ශවවලට ලබා දිය හැකි අවම වන්දියවත් ලබා දීමට අදාළ මාධ්‍ය ක්‍රියා නොකිරීම කණගාටුදායකයි. අගතිය අවම කිරීමට උත්සහ දැරීම නො ඒ වෙනුවට එම පුවතසිය ප්‍රවෘත්ති විකාශයන්වල ලුහුඬු පුවතක් ලෙස ක්‍රියා කිරීමට අදාළ ඇතැම් මාධ්‍ය ආයතන ක්‍රියා කර තිබුණා.නමුත් එම පුවත එකළ නිසි ලෙස වාර්තා කළ මාධ්‍ය ආයතන ආන්දෝලනාත්මක වූ කරුණකට අධිකරණය දුන් කැපීපෙනෙන තීන්දුව එසැණ පුවතක් ලෙස වාර්තා කිරීමට යොමුව තිබීම සුවිශේෂයි.ශ්‍රී ලංකාවේ දේශපාඥයන් පමණක් නොව ඡන්දදායකයන් ද නිලධාරීන් ද මාධ්‍යය ද සියල්ල චින්තනමය ක්‍රමවෙනසකට ලක් නොවීමේ ගැටලුව අද සේම හෙටත් නිසි පුරවැසියන්ට හිසරදයක්ම වනු ඇති.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…