දේශීය

සුරා සැල් එපා…මතුගමදී මහා සංඝරත්නය ප්‍රමුඛ කරන් ජනතාව වීදි බසී


මතුගම බල ප්‍රදේශය සදහා සුරැසැල් බලපත්‍ර ලබාදීම වහාම නතර කරන ලෙස බල කරමින්, මතුගම ශාසනාරක්ෂක බල මණ්ඩලය අද මතුගමදී විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

ඒ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති පූජ්‍ය යටදොලවත්තේ චන්ද්‍රසිරි ස්වාමීන්වහන්සේගේ අනුශාසනා මතයි.

file
file

මතුගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය සදහා මත්පැන් බලපත්‍ර 8 ක් ලැබී ඇති අතර,ඊට ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුලු ජනතාව දැඩි විරෝධතාවක් පල කරනවා.

එලෙස ලැබී ඇති සුරා සැල් බලපත්‍ර අතුරින් , 2 ක්, මතුගම ලෙව්වන්දුව සහ සිරිකදුර ග්‍රාමයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව මතුගම ශාසනාරක්ෂක බලමණ්ඩලය පෙන්වා දෙනවා.

එහි ලේඛකාධිකාරී පූජ්‍ය මොරගල සුමන ස්වාමීන්වහන්සේ පෙන්වා දෙන්නේ ,මෙම සුරාසැල් පිහිටුවීම සදහා අවසර ලබාදීම පිලිබදව කලුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හෝ මතුගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ ප්‍රධානීන් නොදැන සිටිය නොහැකි බවයි.

file

මේ වනවිටත් පූජ්‍ය පක්ෂය ප්‍රමුඛ, විවිධ ග්‍රාමීය සංවිධාන රැසක් සිය විරෝධතා මතුගම ප්‍රාදේශීය ලේකම්වරයා වෙත බාරදී අවසන්.

මතුගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිටපු ලේකම් ශ්‍රී සුනන්දාරාමයේ විහාරාධිපති පූජ්‍ය ඕවිටිගල සුමන සුවාමීන් වහන්නේ පෙන්වා දෙන්නේ,මෙලෙස සුරාසැල් විවෘත වුවහොත් ප්‍රදේශයේ සාමය හා සංහිදියාවටද දැඩි බලපෑම් එල්ල වනු ඇති බවයි.

මතුගම බල ප්‍රදේශයේ මත්පැන් අලෙවිසල් පවත්වාගෙන යාමට නොහැකි වන ආකාරයෙන් අතීතයේ පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් යෝජනා සම්මතයක්ද පවතින බවයි පැවසෙන්නේ.

file
file

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

17 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

17 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago