file
මතුගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය සදහා මත්පැන් බලපත්‍ර 8 ක් ලැබී ඇති අතර,ඊට ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුලු ජනතාව දැඩි විරෝධතාවක් පල කරනවා.
එලෙස ලැබී ඇති සුරා සැල් බලපත්‍ර අතුරින් , 2 ක්, මතුගම ලෙව්වන්දුව සහ සිරිකදුර ග්‍රාමයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව මතුගම ශාසනාරක්ෂක බලමණ්ඩලය පෙන්වා දෙනවා.
එහි ලේඛකාධිකාරී පූජ්‍ය මොරගල සුමන ස්වාමීන්වහන්සේ පෙන්වා දෙන්නේ ,මෙම සුරාසැල් පිහිටුවීම වහාම නතර කල යුතු බවයි.
මේ වනවිටත් පූජ්‍ය පක්ෂය ප්‍රමුඛ, විවිධ ග්‍රාමීය සංවිධාන රැසක් සිය විරෝධතා මතුගම ප්‍රාදේශීය ලේකම්වරයා වෙත බාරදී අවසන්.
මතුගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිටපු ලේකම් ශ්‍රී සුනන්දාරාමයේ විහාරාධිපති පූජ්‍ය ඕවිටිගල සුමන සුවාමීන් වහන්නේ පෙන්වා දෙන්නේ,මෙලෙස සුරාසැල් විවෘත වුවහොත් ප්‍රදේශයේ සාමය හා සංහිදියාවටද දැඩි බලපෑම් එල්ල වන බවයි.
මේ අනුව මීට විරෝධය පල කරමින් ජුනි 16 වනදා මතුගම නගර මධ්‍යයේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී , මහා සංඝරත්නය ප්‍රධානව, දහම් පාසල් ආචාර්යවරුන් හා සිවිල් සංවිධාන හා ජනතාව එක්ව විරෝධතා පාගමනක් හා සාමකාමී විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.
මතුගම බල ප්‍රදේශයේ මත්පැන් අලෙවිසල් පවත්වාගෙන යාමට නොහැකි වන ආකාරයෙන් අතීතයේ පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් යෝජනා සම්මතයක්ද පවතින බවයි පැවසෙන්නේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…