file
මතුගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය සදහා මත්පැන් බලපත්‍ර 8 ක් ලැබී ඇති අතර,ඊට ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුලු ජනතාව දැඩි විරෝධතාවක් පල කරනවා.
එලෙස ලැබී ඇති සුරා සැල් බලපත්‍ර අතුරින් , 2 ක්, මතුගම ලෙව්වන්දුව සහ සිරිකදුර ග්‍රාමයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව මතුගම ශාසනාරක්ෂක බලමණ්ඩලය පෙන්වා දෙනවා.
එහි ලේඛකාධිකාරී පූජ්‍ය මොරගල සුමන ස්වාමීන්වහන්සේ පෙන්වා දෙන්නේ ,මෙම සුරාසැල් පිහිටුවීම වහාම නතර කල යුතු බවයි.
මේ වනවිටත් පූජ්‍ය පක්ෂය ප්‍රමුඛ, විවිධ ග්‍රාමීය සංවිධාන රැසක් සිය විරෝධතා මතුගම ප්‍රාදේශීය ලේකම්වරයා වෙත බාරදී අවසන්.
මතුගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිටපු ලේකම් ශ්‍රී සුනන්දාරාමයේ විහාරාධිපති පූජ්‍ය ඕවිටිගල සුමන සුවාමීන් වහන්නේ පෙන්වා දෙන්නේ,මෙලෙස සුරාසැල් විවෘත වුවහොත් ප්‍රදේශයේ සාමය හා සංහිදියාවටද දැඩි බලපෑම් එල්ල වන බවයි.
මේ අනුව මීට විරෝධය පල කරමින් ජුනි 16 වනදා මතුගම නගර මධ්‍යයේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී , මහා සංඝරත්නය ප්‍රධානව, දහම් පාසල් ආචාර්යවරුන් හා සිවිල් සංවිධාන හා ජනතාව එක්ව විරෝධතා පාගමනක් හා සාමකාමී විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.
මතුගම බල ප්‍රදේශයේ මත්පැන් අලෙවිසල් පවත්වාගෙන යාමට නොහැකි වන ආකාරයෙන් අතීතයේ පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් යෝජනා සම්මතයක්ද පවතින බවයි පැවසෙන්නේ.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…