දේශීය

ඊලෝන් මස්ක් ආවොත් රට වගේම අවවරප්‍රසාදිත පිරිසත් දියුණු වෙනවා. ඒ දියුණුවට අකමැති අය ඔහුට ආර්ථික ඝාතකයා කියනවා – ඇමති මනූෂ

ලොව අංක එකේ බිලියනපතියෙකු වන ඊලෝන් මස්ක් වැනි ව්‍යවසායකයෙකු ලංකාවට පැමිණීමෙන් අවවරප්‍රසාදිත මිනිසුන්ට පවා අත් වන දියුණුවට අකමැති පිරිස් ඔහු ආර්ථික ඝාතකයෙකු ලෙස හඳුන්වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (01) බදුල්ලේදී පැවසීය.

file

“ඊලොන් මස්ක් ලෝකයේ අංක එකේ බිලියනපතියා. ටෙස්ලා කාර්, ස්පේස් එක්ස්, ඊ – බේ, බිට් කොයින්, ස්ටාලින් සැටලයිට් ඔහුගේ යටතේ තියෙන්නේ. ඔහු ටෙස්ලා ශාඛාවක් ලංකාවේ ආරම්භ කරන බව ජනාධිපතිවරයාට කියලා තියෙනවා. ඊලෝන් මස්ක් ප්‍රබල ව්‍යවසායකයෙක්. තාක්ෂණය ලෝකයට ගෙනියපු කෙනෙක් අපිට ජීවිතය ගැන ඉගෙන ගත හැකි කෙනෙක්. සරසවි අධ්‍යාපනය කරගන්න බැරි වුණාට පස්සේ ඔහුගේ ක්‍රියාවෙන් ලෝකයම අල්ලනවා. ඊයේ මම දැක්කා ඊලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් කියලා එක්කෙනෙක් කියලා තියෙනවා. ඔහු ආර්ථික ඝාතකයෙක් නෙවෙයි. ලෝක ආර්ථිකය වෙනස් කළ අයෙක්. ලෝක ආර්ථිකය ඉස්සරහට ගෙනියපු අයෙක්. ඔහු වගේ කෙනෙක් ලංකාවට එන විට රටේ තාක්ෂණය ලෝකය සමග බද්ධ වීමක් වෙන්නේ. ස්ටාලින් සැටලයිට් එක සමග සම්බන්ධ වුණහම ඕන තැනක ඉඳලා අන්තර්ජාලයට සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන්. ලෝකය පුරාම අයට ලංකාවේ ඇවිත් රැකියා කරන්න පුළුවන්. අපි මේකට සතුටු වෙන්න ඕන. සහාය වෙන්න ඕන.” යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.
‘ජයගමු ශ්‍රී ලංකා – බදුල්ල’ ජංගම වැඩසටහනේ දෙවැනි දින ‘ස්මාට් යූත් ක්ලබ්’ වැඩසටහනට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

file


රටේ ජන විවිධත්වයෙන්, සහජීවනයෙන් අලුත් රටක් හැදීමට අත්වැල් බැඳගැනීමේ අවශ්‍යතාවත් විදේශගත වීමට හෝ රැකියාවක නියැලීමට වෘත්තීය පුහුණුවේ වැදගත්කමත් පහදා දුන් අමාත්‍යවරයා ඒ සඳහා නිසි මග පෙන්වීම සහ ජනාධිපති අරමුදලෙන් දක්වන අනුග්‍රහය පිළිබඳවද සඳහන් කළේය.
ඊශ්‍රායෙල් යවා ඇති ශ්‍රමිකයින් අතර උද්ඝෝෂණයේ නියැලෙන තැනැත්තන් සිටීමෙන් ඇතිව තිබෙන අර්බුදයද එහිදී සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“අපේ රටට ඊශ්‍රායලයේ රස්සා හුඟාක් හම්බ වෙලා තියෙනවා. අපි ශ්‍රමිකයින් යවාගෙන යනකොට ලංකාවෙ පුරුද්දට එතන ගිහින් ‘දියව් දියව්’ කියා තිබෙනවා. කෘෂිකර්මාන්තයේ රැකියා 10,000ක් ඉදිකිරීම් රැකියා 30,000ක්, පුළුල් සංවර්ධන සාමාන්‍ය රැකියා 30,000ක්, හෝටල්, රැකියා 20,000ක්, ආපනශාලා රැකියා 20,000ක් හම්බ වෙලා තියෙනවා.
දැන් එහෙන් බලනවා ලංකාව දියුණු නොවුණේ මේ උද්ඝෝෂණකාරයෝ නිසා, මෙහෙටත් එහෙම වෙයිද කියලා. ඒ නිසා දැන් ටිකක් ඒ තත්ත්වය අවදානමට ලක් වෙලා. මේ වතාවේ කණ්ඩායමක් යද්දි අපි කිව්වා ‘බුදු පුතේ, දෙයියනේ කරදරයක් නොකර වැඩ කරන්න, එතකොට තමයි අනිත් අයටත් රැකියාවට එන්න පුළුවන්’ කියලා. සමහරු එහෙ ගිහිල්ලා පිහියෙන් ඇනගන්නවා, බීලා පිස්සු නටනවා.
යන්නේ මොකටද කියලා දන්නේ නෑ. තමන්ගෙ ඉලක්කය, අරමුණ මොකක්ද කියලා අවබෝධ කරගෙන ගියොත් මේ රටේ හැම ගමකම සල්ලි බෙදිලා ව්‍යාපාරිකයන් බිහි වෙනවා. ඒකට සමහර දේශපාලන පක්ෂ කැමති නෑ. ඔබ සංවර්ධනය වෙනවට කැමති නෑ. සමහර හිඟන්නන්ට ඕන තුවාල තියාගන්න. තුවාල තියාගෙන තමයි සල්ලි ගන්නේ. මිනිසුන්ගේ දුප්පත්කම සමහර අයට ඕන. අපේ තරුණයින් රට ගිහින්, ව්‍යවසායකයින් වුණොත් ඒ අයට දේශපාලනය කරන්න, වෛරය වපුරන්න බැරි වෙනවා. තියෙන එකා, නැති එකා කියලා වෛරය වපුරන්න බැරි වෙනවා. ඒ නිසා සමහර විට ඊශ්‍රායලයේ ඕනකමින් උද්ඝෝෂණ කරන්න සැලසුවද කියලත් අපිට හිතෙනවා. දැන් ගුරුවරුන්වත් පාරට බස්සලා ‘තුනෙන් දෙක ගන්න එක් වෙයව්, ඡන්දෙන් පස්සේ ඕවා ගන්න එක සුම්මා’ කියලා. මොකද ඡන්දෙන් පස්සේ ආපහු 03ට බහින බව දන්න නිසා.”
“…දැන් උමා ඔයේ හිලක් කිව්වා වගේ ඊලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් කියනවා. ඊලෝන් මස්ක් ලංකාවට ආවොත් අපේ රටේ තරුණයන් ජාත්‍යන්තරය ඉදිරියට යනවා යනවා. ලෝකයත් සමග එකතු වෙනවා. ඒ කර්මාන්තශාලාවක පොඩි කෑල්ලක් හදන්න ඉලෙක්ට්‍රික් කාරයක දොරක ඇණයක් හදන්න දුන්නොත් ඒත් අපි දියුණුවට පත්වෙනවා. ඒකට අකමැති නිසා ඔහු ආර්ථික ඝාතකයෙක් කියා කියනවා. මෙහෙම කියන බව දන්නවා නම් ඊලෝන් මස්ක් ලංකාව දිහා හැරිලා බලන්නේවත් නෑ.” අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
නාගරික හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, කම්කරු හා විදෙශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ආර්.පී.ඒ. විමලවීර, කම්කරු හා විදෙශ රැකියා අමාත්‍යංශයේ අතිරේක ලේකම් මුදුතා පද්මජායි, මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ජී.එච්.එච්.ආර්. කිරිඇල්ල, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මී අසීස් සහ බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් නිමේෂා වනසිංහ ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී විය.

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

16 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

17 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago