දේශීය

2023 වර්ෂයට අදාළ ANNI වාර්තාවේ ශ්‍රී ලංකා පරිච්චේදය එළිදැක්වෙයි…

The Asian NGO Network on National Human Rights Institutions (ANNI) හි ලේකම් කාර්යාලය ලෙස මානව හිමිකම් සහ සංවර්ධනය පිලිබඳ ආසියානු කේන්ද්‍රය (FORUM-ASIA), විසින් ආසියානු මානව හිමිකම් ආයතනවල ක්‍රියාකාරිත්වය පිලිබඳ අලුත්ම වාර්තාව නිකුත් කොට තිබෙනවා. එහි ශ්‍රී ලංකාව පිලිබඳව වන පරිච්චේදය සකස් කිරීමට නිතිය හා සමාජ භාරය (Law and Society Trust) දායකත්වය දැක්වූවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යසාධන තක්සේරුවක් මෙම ANNI වාර්තාවේ ශ්‍රී ලංකා පරිච්චේදයට ඇතුළත් කොට තිබෙනවා. එම පරිච්චේදය සඳහා පර්යේෂණ දායකත්වය නීතිය හා සමාජ භාරය වෙනුවෙන් මානව හිමිකම් පර්යේෂිකා මෙගාරා ටීගල් විසින් ලබාදී තිබෙනවා.

මෙම වාර්තාව නිළ වශයෙන් නිකුත් කිරීම මයි 30 වැනිදා කොළඹ ජෙට්වින් හෝටලයේදී පැවැත්වුනා. ආසියානු මානව හිමිකම් සහ සංවර්ධන කේන්ද්‍රය නියෝජනය කරමින් ඉන්දියාව නේපාලය වැනි වෙනත් රටවල පර්යේෂකයින් පිරිසක් මෙන්ම මෙරට මානව හිමිකම් පිලිබඳ සංවිධාන වල නියෝජිතයින් සහ මාධ්‍යවේදීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටලු පිළිබඳ විවේචනාත්මක සාකච්ඡාවක් සඳහා මෙහිදී පැවැත්වුනා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් මහාචාර්ය ෆර්සානා හනීෆා, එම කොමිසමේ ලේකම් කපිලන් විල්ලවරාජන්, සහ තවත් මානව හිමිකම් ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් මෙහිදී අදහස් දැක්වූවා.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

18 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

18 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago