The Asian NGO Network on National Human Rights Institutions (ANNI) හි ලේකම් කාර්යාලය ලෙස මානව හිමිකම් සහ සංවර්ධනය පිලිබඳ ආසියානු කේන්ද්‍රය (FORUM-ASIA), විසින් ආසියානු මානව හිමිකම් ආයතනවල ක්‍රියාකාරිත්වය පිලිබඳ අලුත්ම වාර්තාව නිකුත් කොට තිබෙනවා. එහි ශ්‍රී ලංකාව පිලිබඳව වන පරිච්චේදය සකස් කිරීමට නිතිය හා සමාජ භාරය (Law and Society Trust) දායකත්වය දැක්වූවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යසාධන තක්සේරුවක් මෙම ANNI වාර්තාවේ ශ්‍රී ලංකා පරිච්චේදයට ඇතුළත් කොට තිබෙනවා. එම පරිච්චේදය සඳහා පර්යේෂණ දායකත්වය නීතිය හා සමාජ භාරය වෙනුවෙන් මානව හිමිකම් පර්යේෂිකා මෙගාරා ටීගල් විසින් ලබාදී තිබෙනවා.
මෙම වාර්තාව නිළ වශයෙන් නිකුත් කිරීම මයි 30 වැනිදා කොළඹ ජෙට්වින් හෝටලයේදී පැවැත්වුනා. ආසියානු මානව හිමිකම් සහ සංවර්ධන කේන්ද්‍රය නියෝජනය කරමින් ඉන්දියාව නේපාලය වැනි වෙනත් රටවල පර්යේෂකයින් පිරිසක් මෙන්ම මෙරට මානව හිමිකම් පිලිබඳ සංවිධාන වල නියෝජිතයින් සහ මාධ්‍යවේදීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටලු පිළිබඳ විවේචනාත්මක සාකච්ඡාවක් සඳහා මෙහිදී පැවැත්වුනා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් මහාචාර්ය ෆර්සානා හනීෆා, එම කොමිසමේ ලේකම් කපිලන් විල්ලවරාජන්, සහ තවත් මානව හිමිකම් ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් මෙහිදී අදහස් දැක්වූවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…