දේශීය

බලධාරීන්ගේ අවදානයට ලක් නොවු වැවක් රුපියල් ලක්ෂ 30 වැයකර හදන අපූරු තරුණයා

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජිවත්වන වයස අවුරුදු 40 පමන වන ඉහළ නිතුල්ගොල්ලෑව හුරුළුනිකවැව ගලෙන්බිඳුණුවැව ලිපිනයේ පදිංචි සමන් ප්‍රියන්ත රත්නායක මහතා යටතේ පවුල් 25 ක පමන පිරිසකට තම වාගාභුමින් තුල රැකියා අවස්ථා ලබා දීමට කටයතු කර තිබෙන අතර තම සේවකයන්ගේ හා ගම්වාසීන්ගේ මෙන්ම ප්‍රදේශයේ වනත්තරය ඇසුරු කරගෙන ජිවත්වන සතුන්ගේ උන්නතිය උදෙසා තම පුද්ගලික දනය හා ශ්‍රමය යොදාගෙන වැවක් සැදීම මේ දිනවල සිදු කරනවා.

වෘතියෙන්ම ගොවියකු ලෙස කටයුතු කරන සමන් මහතා මේ වන විට අක්කර 30 කට වැඩි භුමි භාගයක් තුල අබ, පේර නෙල්ලී වැනි ස්ථිර බෝග මෙන්ම බොංචි මිරිස් ළුණු ආදි ගොඩ බෝග මෙන්ම වී වගාවද සෑම කන්නයේම සිදු කරනු ලබන උදාර උත්සාවන්ත ගොවි මහතෙකු ලෙස පෙන්වා දිය හැකියි.

මෙම මහතා තමන් ජිවත්වෙන ප්‍රදේශයේ වසර ගණනාවකින් කිසිදු රාජ්‍ය ආයතනයක හෝ දේශපාලන පක්ෂයක අවධානය යොමු නොවු නිතුල්ගොල්ලෑවේ වැව පිළිබද තම අවධානය යොමු කර ඇත්තේ එම වැව ප්‍රතිසංස්කරණය කලහොත් එමගින් ගම්මානයේ පවුල් විශාල ප්‍රමාණයකට සෙත සැලසෙන බව අවබෝධ විමෙන් පසුව බව ඒ මහතා පවසනවා.

වසර ගණනාවක සිට කිසිදු බළධාරියකුගේ අවධානයට ලක් නො‍වීම හේතුවෙන් භාවිතාවට ගැනීමට නොහැකි වු නිතුල් ගොල්ලෑව වැව තුලින් මින් ඉදිරියට තවත් අක්කර 25-30 කට වැඩි භුමි ප්‍රමානයක් වී වගාව හො වෙනත් ගොඩ බෝග වගා කිරිමට හැකීයාව ලැබෙනු ඇතැයි සමන් ගොවි මහතාගේ විස්වාසයයි.

පුද්ගල දනය වියදම් කොට සිදු කල මෙවැනි අතිමහත් කටයුත්ත අගය කිරිමක් හා එම කටයුත්තට ඇගයීමක් වශයෙන් ප්‍රදේශයේ පාසල් දරුවන් මෙන්ම ප්‍රදේශවාසින් වැව නැරඹිමද විශේෂත්වයක් වන අතර ‍මෙවැනි පුද්ගලයින් අගය කිරිම කාගෙත් යුතුකමක් වන අතර මේ වන විට වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් සමන් මහතාගේ පුද්ගලික දනය රුපියල් ලක්ෂ තිහකට වැඩි ප්‍රමාණයක් යොදවා තිබෙනවා.

Recent Posts

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

3 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

3 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

3 hours ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

3 hours ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

4 hours ago