දේශීය

බලධාරීන්ගේ අවදානයට ලක් නොවු වැවක් රුපියල් ලක්ෂ 30 වැයකර හදන අපූරු තරුණයා

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජිවත්වන වයස අවුරුදු 40 පමන වන ඉහළ නිතුල්ගොල්ලෑව හුරුළුනිකවැව ගලෙන්බිඳුණුවැව ලිපිනයේ පදිංචි සමන් ප්‍රියන්ත රත්නායක මහතා යටතේ පවුල් 25 ක පමන පිරිසකට තම වාගාභුමින් තුල රැකියා අවස්ථා ලබා දීමට කටයතු කර තිබෙන අතර තම සේවකයන්ගේ හා ගම්වාසීන්ගේ මෙන්ම ප්‍රදේශයේ වනත්තරය ඇසුරු කරගෙන ජිවත්වන සතුන්ගේ උන්නතිය උදෙසා තම පුද්ගලික දනය හා ශ්‍රමය යොදාගෙන වැවක් සැදීම මේ දිනවල සිදු කරනවා.

වෘතියෙන්ම ගොවියකු ලෙස කටයුතු කරන සමන් මහතා මේ වන විට අක්කර 30 කට වැඩි භුමි භාගයක් තුල අබ, පේර නෙල්ලී වැනි ස්ථිර බෝග මෙන්ම බොංචි මිරිස් ළුණු ආදි ගොඩ බෝග මෙන්ම වී වගාවද සෑම කන්නයේම සිදු කරනු ලබන උදාර උත්සාවන්ත ගොවි මහතෙකු ලෙස පෙන්වා දිය හැකියි.

මෙම මහතා තමන් ජිවත්වෙන ප්‍රදේශයේ වසර ගණනාවකින් කිසිදු රාජ්‍ය ආයතනයක හෝ දේශපාලන පක්ෂයක අවධානය යොමු නොවු නිතුල්ගොල්ලෑවේ වැව පිළිබද තම අවධානය යොමු කර ඇත්තේ එම වැව ප්‍රතිසංස්කරණය කලහොත් එමගින් ගම්මානයේ පවුල් විශාල ප්‍රමාණයකට සෙත සැලසෙන බව අවබෝධ විමෙන් පසුව බව ඒ මහතා පවසනවා.

වසර ගණනාවක සිට කිසිදු බළධාරියකුගේ අවධානයට ලක් නො‍වීම හේතුවෙන් භාවිතාවට ගැනීමට නොහැකි වු නිතුල් ගොල්ලෑව වැව තුලින් මින් ඉදිරියට තවත් අක්කර 25-30 කට වැඩි භුමි ප්‍රමානයක් වී වගාව හො වෙනත් ගොඩ බෝග වගා කිරිමට හැකීයාව ලැබෙනු ඇතැයි සමන් ගොවි මහතාගේ විස්වාසයයි.

පුද්ගල දනය වියදම් කොට සිදු කල මෙවැනි අතිමහත් කටයුත්ත අගය කිරිමක් හා එම කටයුත්තට ඇගයීමක් වශයෙන් ප්‍රදේශයේ පාසල් දරුවන් මෙන්ම ප්‍රදේශවාසින් වැව නැරඹිමද විශේෂත්වයක් වන අතර ‍මෙවැනි පුද්ගලයින් අගය කිරිම කාගෙත් යුතුකමක් වන අතර මේ වන විට වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් සමන් මහතාගේ පුද්ගලික දනය රුපියල් ලක්ෂ තිහකට වැඩි ප්‍රමාණයක් යොදවා තිබෙනවා.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

2 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

3 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

3 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

5 days ago