විදේශීය

අමෙරිකානු ඉතිහාසය වෙනස් කරමින් හිටපු ජනපති ට්‍රම්ප් වරදකරු වෙයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු බවට මෑන්හැටන් ජූරි සභාව තීන්දු කර තිබෙනවා.

ඒ ට්‍රම්ප්ට එරෙහිව ගොනු කළ ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීමේ චෝදනා 34කට අදාළවයි.

ඒ අනුව අමෙරිකානු ඉතිහාසයේ අපරාධ චෝදනාවකට වරදකරු වූ පළමු ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසයට එක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නිව්යෝර්ක් ප්‍රාන්තයේ මැන්හැටන් අපරාධ අධිකරණයේදී සාක්ෂිකරුවන් 22ක් ඉදිරිපත් කළ සාක්ෂී සලකාබලමින් මෙම නඩු විභාගය සති 6ක කාලයක් පුරා විභාගයට ගෙන තිබෙනවා.

ඊට එක්වූ ජූරි සභාවේ සභිකයින් 12 දෙනා දින දෙකක කලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒකමතිකම තීන්දු කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා අදාළ චෝදනා 34ටම වරදකරු වන බවයි.

Recent Posts

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

9 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

9 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

9 hours ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

9 hours ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

10 hours ago