ඩිජිටල්කරණය හා බැඳුණු නව වැඩ ලෝකයට ගැලපෙන, ස්මාර්ට් ශ්‍රී ලාංකික ශ්‍රමික පරපුරක් බිහිකිරීම උදෙසා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවත්වන ‘ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයේ’ මීළඟ වැඩසටහන මැයි 31 සහ ජූනි 1 දෙදින බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයෙදී පැවැත්වීමට නියමිතය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සංකල්පයක් ලෙස ආරම්භ කළ මෙම දීප ව්‍යාප්ත ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනින් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක සාර්ථකව පවත්වා ඇති අතර ඉන් ප්‍රතිලාභ ලබන ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂිත සහ රැකියා නියුක්තික පිරිස දිනෙන් දින ඉහළ යමින් තිබේ.
අමාත්‍යාංශ සහ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විෂය පථයට අදාළව සැකසුණු විගමනික ශ්‍රමික හරසර, ගරුසරු, ස්මාට් යූත් ක්ලබ්, ශ්‍රම වාසනා අරමුදල මගින් මහජන සුභසාධනය උදෙසා සිදුකරනා ප්‍රදානය ලබාදීම මෙම වැඩ සහටහනෙදී සිදු කෙරෙයි . පාසල් සඳහා ස්මාර්ට් බෝර්ඩ් ලබාදීම, අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීම ඇතුළු සේවාවන් රැසක් මෙහිදී බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට හිමිවෙයි.
ඊට අමතරව රැකියා වෙළඳපොළ අවශ්‍යතා පිළිබඳ දැනුවත් කිරීම්, අඩු ආදායම්ලාභී පවුල් සහ විගමනික ශ්‍රමික පවුල් ව්‍යවසාය කටයුතු සඳහා යොමු කිරීමද ජයගමු ශ්‍රී ලංකා තුළින් සිදු වෙයි .
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය යටතේ ඇති ආයතන සියල්ල මෙම වැඩසටහන යටතේ මහජනයා වෙත පැමිනෙන අතර එමගින් කොළඹ කාර්‍යාලවෙතගොස් කරගත යුතුව තිබූ කාර්‍යන් සුළු වේලාව තුළ තම තමන්ගේ ගම් බිම් තුළම සිට කර ගැනීමට හැකිවීම මෙහි ඇතිවිශේෂත්වයකි.
:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…