දේශීය

ප්‍රතිලාභ රැසක් සමග ජයගමු ශ්‍රී ලංකා බදුල්ලට

ඩිජිටල්කරණය හා බැඳුණු නව වැඩ ලෝකයට ගැලපෙන, ස්මාර්ට් ශ්‍රී ලාංකික ශ්‍රමික පරපුරක් බිහිකිරීම උදෙසා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවත්වන ‘ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයේ’ මීළඟ වැඩසටහන මැයි 31 සහ ජූනි 1 දෙදින බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයෙදී පැවැත්වීමට නියමිතය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සංකල්පයක් ලෙස ආරම්භ කළ මෙම දීප ව්‍යාප්ත ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනින් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක සාර්ථකව පවත්වා ඇති අතර ඉන් ප්‍රතිලාභ ලබන ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂිත සහ රැකියා නියුක්තික පිරිස දිනෙන් දින ඉහළ යමින් තිබේ.

අමාත්‍යාංශ සහ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විෂය පථයට අදාළව සැකසුණු විගමනික ශ්‍රමික හරසර, ගරුසරු, ස්මාට් යූත් ක්ලබ්, ශ්‍රම වාසනා අරමුදල මගින් මහජන සුභසාධනය උදෙසා සිදුකරනා ප්‍රදානය ලබාදීම මෙම වැඩ සහටහනෙදී සිදු කෙරෙයි . පාසල් සඳහා ස්මාර්ට් බෝර්ඩ් ලබාදීම, අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීම ඇතුළු සේවාවන් රැසක් මෙහිදී බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට හිමිවෙයි.

ඊට අමතරව රැකියා වෙළඳපොළ අවශ්‍යතා පිළිබඳ දැනුවත් කිරීම්, අඩු ආදායම්ලාභී පවුල් සහ විගමනික ශ්‍රමික පවුල් ව්‍යවසාය කටයුතු සඳහා යොමු කිරීමද ජයගමු ශ්‍රී ලංකා තුළින් සිදු වෙයි .

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය යටතේ ඇති ආයතන සියල්ල මෙම වැඩසටහන යටතේ මහජනයා වෙත පැමිනෙන අතර එමගින් කොළඹ කාර්‍යාලවෙතගොස් කරගත යුතුව තිබූ කාර්‍යන් සුළු වේලාව තුළ තම තමන්ගේ ගම් බිම් තුළම සිට කර ගැනීමට හැකිවීම මෙහි ඇතිවිශේෂත්වයකි.

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago