file
තිස් වසරකට අධික කාලයක් පුරා මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කර අද (18) දිනයට වසර 15ක් සපිරෙනවා.
එදා 2009 මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමග එතෙක් පැවති යුද්ධය නිමාවට පත් වුණා.
එවකට ලොව විශාලතම මානුෂීය මෙහෙයුම ලෙස සැලකුණ මුදා ගැනීමේ මෙහෙයුම හරහා එල්.ටී.ටී.ඊ ග්‍රහනයේ සිටි දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් පිරිසක් මුදාගැනීමට මෙරට ආරක්ෂක අංශවලට හැකියාව ලැබුණා.
මව්බිමේ නිදහස වෙනුවෙන් දහස් සංඛ්‍යාත රණවිරුවන් දිවි පිදු අතර තවත් විශාල පිරිසක් යුද්ධයේ දී ආබාධිතයන් බවට පත් වුණා.
යුද්ධය හේතුවෙන් දිවි අහිමි වූ උතුරේත් දකුණේත් සමාන්‍ය ජනතාව ද අතිමහත්.
මේ අතර 15 වන රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3,146 දෙනෙකු ඊළඟ නිලයට උසස් කිරීමටත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ද සෙබළුන් 1,300 කට වැඩි පිරිසකට උසස් වීම් ලබා දීමටත් පියවර ගෙන තිබෙනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…