දේශීය

තිස් වසරක යුද්ධය නිමා වී අදට වසර 15යි

තිස් වසරකට අධික කාලයක් පුරා මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කර අද (18) දිනයට වසර 15ක් සපිරෙනවා.

එදා 2009 මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමග එතෙක් පැවති යුද්ධය නිමාවට පත් වුණා.

එවකට ලොව විශාලතම මානුෂීය මෙහෙයුම ලෙස සැලකුණ මුදා ගැනීමේ මෙහෙයුම හරහා එල්.ටී.ටී.ඊ ග්‍රහනයේ සිටි දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් පිරිසක් මුදාගැනීමට මෙරට ආරක්ෂක අංශවලට හැකියාව ලැබුණා.

මව්බිමේ නිදහස වෙනුවෙන් දහස් සංඛ්‍යාත රණවිරුවන් දිවි පිදු අතර තවත් විශාල පිරිසක් යුද්ධයේ දී ආබාධිතයන් බවට පත් වුණා.

යුද්ධය හේතුවෙන් දිවි අහිමි වූ උතුරේත් දකුණේත් සමාන්‍ය ජනතාව ද අතිමහත්.

මේ අතර 15 වන රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3,146 දෙනෙකු ඊළඟ නිලයට උසස් කිරීමටත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ද සෙබළුන් 1,300 කට වැඩි පිරිසකට උසස් වීම් ලබා දීමටත් පියවර ගෙන තිබෙනවා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

8 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago