Thursday, April 16, 2026
Homeදේශීයතිස් වසරක යුද්ධය නිමා වී අදට වසර 15යි

තිස් වසරක යුද්ධය නිමා වී අදට වසර 15යි

තිස් වසරකට අධික කාලයක් පුරා මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කර අද (18) දිනයට වසර 15ක් සපිරෙනවා.

එදා 2009 මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමග එතෙක් පැවති යුද්ධය නිමාවට පත් වුණා.

එවකට ලොව විශාලතම මානුෂීය මෙහෙයුම ලෙස සැලකුණ මුදා ගැනීමේ මෙහෙයුම හරහා එල්.ටී.ටී.ඊ ග්‍රහනයේ සිටි දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් පිරිසක් මුදාගැනීමට මෙරට ආරක්ෂක අංශවලට හැකියාව ලැබුණා.

මව්බිමේ නිදහස වෙනුවෙන් දහස් සංඛ්‍යාත රණවිරුවන් දිවි පිදු අතර තවත් විශාල පිරිසක් යුද්ධයේ දී ආබාධිතයන් බවට පත් වුණා.

යුද්ධය හේතුවෙන් දිවි අහිමි වූ උතුරේත් දකුණේත් සමාන්‍ය ජනතාව ද අතිමහත්.

මේ අතර 15 වන රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3,146 දෙනෙකු ඊළඟ නිලයට උසස් කිරීමටත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ද සෙබළුන් 1,300 කට වැඩි පිරිසකට උසස් වීම් ලබා දීමටත් පියවර ගෙන තිබෙනවා.

READ:   හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනිද්දා ශ්‍රී ලංකාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්