file
නව ලෝකයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා, සවිබල ගැන්වූ අනාගත පරපුරක් හැදීම අපේක්ෂා කරගත් ‘ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයේ නුවරඑළිය දිස්ත්‍රික් දිගැහැරුම මැයි 17-18 දෙදින නුවරඑළිය ”සිනෙසිටා” ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක දීප ව්‍යාප්ත ජංගම සේවා වැඩසටහනේ 14 වැනි වැඩසටහනේ මෙලෙස මැයි 17 වනදා ආරම්භ වෙයි. එම සමාරම්භක අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ඇතුළු දේශපාලන අධිකාරිය, කම්කරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ලේකම්වරයා සමග රාජ්‍ය නිලධාරීන් සහභාගී වීමට නියමිතය.
අවිධිමත් වෘතීන්ගේ නියැලෙන්නන්ගේ වෘත්තීය ගරුත්වය සහ වෘත්තීය භාවය තහවුරු කිරීමේ අපේක්ෂාවෙන් පැවැත්වෙන ගරුසරු වැඩසටහන, රැකියා විරහිත තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය පුහුණුව ලබාදෙන ‘ස්මාට් යූත් ක්ලබ්’ වැඩසටහන ද ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයට සමගාමීව පැවැත්වේ.
විදේශ රැකියා නියුක්ති කාර්යංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රම වාසනා අරමුදලේ ප්‍රතිපාදන මගින් අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන්ට පාසල් බෑග් සහ පාසැල් උපකරණ ලබාදීම වැනි වැඩසටහනක්ද මෙහිදී පැවැත්වේ.
ඊට අමතරව විගමණික ශ්‍රමිකයන්ගේ දරුවන් ඉගෙනුම ලබනා පාසැල් සඳහා ස්මාට් බෝඩ් ලබා දීම, විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, සතොස වවුචර්, ඇස් කණ්නාඩි ලබා දීමද මෙහිදී සිදු වෙයි . එමෙන්ම විදෙස් ගතවීමේදී වැඩිම වාරයක් විදේශ සේවා කාර්යංශයේ ලියාපදිංචි වී විදේශගත වූ ශ්‍රමිකයන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමීම, විදෙස් ගතව පැමිණ ස්වැයං රැකියවන්හී නියැලෙන පවුල් සඳහා ලබාදෙන රුපියල් ලක්ෂයක ප්‍රතිපාදනයෙන් රුපියල් 50,000ක පළමු වාරික මුදල් ලබා දීම මෙහිදී සිදු කෙරේ.
රැකියා වෙළඳපොළ උපදෙස් ලබා දීම සහ ව්‍යවසායකයන් දිරිමත් කෙරෙන මග පෙන්වීම් මෙන්ම කම්කරු නීතිය, මිනිස් වෙළඳාම යනාදී කරුණු සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන ඔස්සේ ජනතාව දැනුවත් කිරීමද මෙම වැඩසටහනේදී සිදු කෙරේ.
:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…